සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 92
අනොම
ති. (අන්=න+ඔම) අලාමක, නීච නොවන, උතුම්. (පි. 75)
අනොමගුණ
පු. අලාමකගුණය, උත්තම ගුණය. (පි. 75)
අනොමජ්ජති
ක්රි. (අන්=න+අව+මජ්ජ √ භු. මද්දනෙ, මැඩීමෙහි +ති) නොමඩියි, නොමිරිකයි, නොපාගයි. (පි. 75)
අනොමජ්ජන
න. නොමැඩීම, නොමිරිකීම. (පි. 75)
අනොමදස්සී
පු. අළාමක දැකුම් ඇත්තා. (පි. 75)
අනොමපඤ්ඤ
ති. අළාමකප්රඥා ඇති, උත්තම ප්රාඥ ඇති. (පි. 75)
අනොරපාර
න. (අන්=න+ඔරපාර) එතෙර මෙතෙර නැති. (පි. 75)
අනොරමති
ක්රි. (අන්=න+ඔරමති) නොඇලෙයි; නොනවතී. (පි. 75)
අනොවට්ඨ
ති. වැහි නැති, වියළි, ශුෂ්ක. (පි. 75)
අනොවස්ස
ති. වැහි නැති, වියළි, ශුෂ්ක. (පි. 75)
අනොස්සක්ක
න. පසුනොබැසීම, පසුබට නොවීම. (පි. 75)
අනොසිත
ති. (අන්=න+අවසිත. අව=ඔ) යටත් නොකළ. (පි. 75)
අප
අ. නිර්දේශ, පරිවර්ජන, පූජා, අපගතාර්ථ, වැළකීම්, අප්රීති, ගර්හා, සොරකම් යන මෙහි.
√ පු. පාපණෙ, පැමිණවීමෙහි අපොති, පැමිණෙයි.
√ පු. පාපණෙ, පැමිණවීමෙහි, අපුණාති, පැමිණෙයි. (පි. 78)
අපකඩ්ඪති
ක්රි. (අප+කඩ්ඪ √ භු. කඩ්ඪනෙ, ඇදීමෙහි +ති) අහකට අදියි, ආපසු අදියි. (පි. 78)
අපකඩ්ඪන
න. ඉවත් කිරීම, අහකට ඇදීම. (පි. 78)
අපකත
ති. වරදවා කළ, සදොස්ව කළ, බැහැර කළ. (පි. 78)
අපකතඤ්ඤු
ති. (අප+කතඤා √ ඌ=රූ) අකෘතඥ, කළගුණ නොදන්නා, පකතඤ්ඤු නොවන. (පි. 78)
අපකන්තති
ක්රි. (අප+කති √ භු. ඡෙදෙ, සිඳීමෙහි +ති) කපාදමයි, කපා හරියි. (පි. 79)
අපකරොති
ක්රි. (අප+කර √ භු. +ඔ+ති) වරදවයි, වරදවා කරයි. (පි. 79)
අපකසති
ක්රි. (අප+කස. √ භු. හිංසායං, විලෙඛනෙ, පෙළීමෙහි. ඉරි ඇඳීමෙහි +ති) ආපසු අදියි, පෙළයි, ඉරි අඳියි. (පි. 79)
අපකස්සති
ක්රි. (අප+කස්ස √ භු. ගතියං, කස්සනෙ, ඇදීමෙහි +ති) ආපසු අදියි. ළඟට අදියි. (පි. 79)
අපක්කට
පු. පැරදයාම, බැහැර යාම. (පි. 78)
අපක්කම
ති. පැරද පලා යාම, වෙන්ව යාම, බැහැර යාම, වාක්යාර්ථ දෝෂයක්, උපිළිවෙළ. (පි. 78)
අපක්කමති
ක්රි. (අප+කමු √ භු. පදවික්ඛෙප, යාමෙහි +ති) පැරද යෙයි, පලා යෙයි, බැහැර යෙයි. (පි. 78)