සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 93
අපක්ඛර
පු. රථ අකුර මත්තෙහි වූ ඇණවිශේෂයක්, කඩ ඇණය, අකුර අග ගසන කණුව. (පි. 78)
අපකාර
පු. අනුපකාරය, අහිත කිරීම. (පි. 79)
අපගච්ඡති
ක්‍රි. (අප+ගමු. √ භු. මු=ච්ඡ+ති) ඉවත යෙයි. (පි. 79)
අපගත
ති. පහව ගිය, බැහැර ගිය, මැරුණු. (පි. 79)
අපගතවිඤ්ඤාණ
න. පහ වූ විඤ්ඤාණය. ති. විඥානයෙන් තොර, විඥානය නැති. (පි. 79)
අපගබ්භ
පු. (අප+ගබ්භ) පහවූ ගර්භශය්‍යා ඇති, උත්පත්ති වශයෙන් නැවත මවුගැබකට නොපැමිණෙන, උත්පත්තිය නැති. (පි. 79)
අපගම
පු. අපගමය, පහ වීම, ඉවත්ව යාම. (පි. 79)
අපගමන
න. පහව යාම, ඉවත්ව යාම. (පි. 79)
අපචය
පු. විනාශය, නිර්වාණය. (පි. 79)
අපචයගාමී
ති. නිර්වාණගාමී, නිවනටපමුණුවන. (පි. 79)
අපචයති
ක්‍රි. (අප+චය. √ භු. ගතියං, යාමෙහි +ති) පුදයි, යාග කරයි. (පි. 79)
අපචයන
න. පිදීම, දානය. (පි. 79)
අපචර
පු. සාවද්‍ය හැසිරීම, වැරදි හැසිරීම. (පි. 79)
අපච්ච
න. දරුවා, වංශය, වංශානුගත, දරුමුනුබුරු පරපුර. (පි. 79)
අපච්චක්ඛ
ති. (අ=න+පති+අක්ඛ) අප්රත්යක්ෂ, ඉන්ද්රියහමුනොවන, ආරඤ්චියෙන් දැනගත්, ප්රත්යක්ෂ නොවූ, ඉන්ද්රිය ග්‍රාහ්‍ය නොවූ. (පි. 79)
අපච්චාරොහතා
ඉ. නොපෙරළෙන ස්වභාව. (පි. 79)
අපච්චුද්ධාරක
ති. පච්චුද්ධාරණය නොකළ, පරිභොග කරවයි පෙරළා නොදුන්. (පි. 79)
අපච්ඡාපුරිම
ති. පෙරපසු නොවන, එකවිට. (පි. 79)
අපචායති
ක්‍රි. පුදයි, යාග කරයි, දෙයි. (පි. 79)
අපචායන
න. පිදීම, යාගය, දීම. වයස හා ගුණයෙන් යුත් වැඩ සිටි අය දැක ලාභාපෙක්ෂා ආදියක් නැතිව පිරිසිදු සිතින් හුනස්නෙන් නැගිටිම් ආදියෙන් බහුමාන කිරීම. (පි. 79)
අපචායික
පු. පුදන්නා, යාග කරන්නා. (පි. 79)
අපචායිත
ති. පුදනලද, දෙනලද. (පි. 79)
අපචායී
ති. පුදන්නා, යාග කරන්නා. (පි. 79)
අපචිණාති
ක්‍රි. (අප+චි. √ කි. චයෙ, රැස් කිරීමෙහි +ණා+තී) රැස් කෙරේ. (පි. 79)