සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 94

අපචිත

ති. පුදනලද, දෙනලද, රැස් කළ. (පි. 79)

අපචිති

ඉ. රැස් කිරිම.
ඉ. පූජාව, විනාශය, පූජා කිරීම. (පි. 79)

අපචිනන

න. රැස් කිරිම. (පි. 79)

අපජහන

න. (අප+ජහන - අ+ප+ජහන) පහ නොකිරීම, බැහැර නොකිරීම. (පි. 79)

අපජ්ඣායති

ක්‍රි. (අප+ඣෙ, √ භු. චින්තායං, සිතීමෙහි +ති) සිතයි, මෙනෙහි කරයි. (පි. 79)

අපඤ්ඤ

ති. ප්‍රඥා නැති, මූඪ, දග්ධ. (පි. 79)

අපඤ්ඤත්ත

ති. නොපණවනලද, ව්‍යවහාර නොකළ, ප්‍රඥප්තියට නොනගනලද. (පි. 79)

අපටිජාන

ති. පිළිනොගන්නා, ප්‍රතිඥා නොකරන. (පි. 79)

අපටිඤ්ඤ

ති. පොරොන්දුවක් නැති, ප්‍රතිඥාවක් නැති. (පි. 79)

අපටු

ති. අව්‍යක්ත, නොපටු. අවිසාරද, අපණ්ඩිත, ලෙඩ ඇති. (පි. 79)

අපණ්ඩක

ති. පණ්ඩක නොවූ. (පි. 79)

අපණ්ඩිත

පු. පණ්ඩිත නොවන, අවිසාරද, අඥාන. (පි. 79)

අපණ්ණක

ති. අවිරුද්ධ, වැරදි නැති, නිදොස්, නෛර්‍ය්‍යානික. (පි. 79)

අපණ්ණකමණි

ති. සපැතිපසඇටය, පැතිසය එකාකාරව සිටින්ට තනනලද දාදුඇටය ඇටස් දාදුඇටය. (මෙය කොයිඅතට පෙරළුනත් මනාව පිහිටන්නේය.) (පි. 79)

අපණ්නකපටිපදා

ඉ. අවිරුද්ධ ප්‍රතිපදාව, නිවැරදි පිළිපැදීම. (පි. 79)

අපණීධාන

න. සිත නොපිහිටුවීම. ති. ප්‍රාර්ථනා රහිත. (පි. 79)

අපතන

ති. (න=අ+පතන) නොවැටෙන. න. නොවැටීම. (පි. 80)

අපත්ථිත

ති. නොපතනලද, නොපැතූ. (පි. 80)

අපත්ථිය

ති. නො පැතියයුතු, ප්‍රාර්ථනාවට නුසුදුසු. (පි. 80)

අපථ

පු. අමාර්ගය, නොමග. (පි. 80)

අපද

ති. පාද රහිත, කකුල් නැති, පිහිට නැති, ආකාශය. (පි. 80)

අපදාන

න. චරිතය, යමෙකුගේ ජීවනචරිතය. පුරාවෘත්තචර්‍ය්‍යාව, භේදය. (පි. 80)

අපදිසති

ක්‍රි. (අප+දිස. √ භු. පෙක්ඛණෙ, බැලීමෙහි +ති) දක්වයි, බලයි. (පි. 80)

අපදෙස

පු. කාරණය, ලෙසය, කීම, අවකාශය. සතර අපදෙස. එනම්:- බුද්ධාපදෙසය, සංඝාපදෙසය, සම්බහුලත්ථෙරාපදෙශය, එකත්ථෙරාපදෙසය, යනු ඒ සතරයි. ධර්‍මාන්විත කරුණක් විනිශ්චයේදී මේ සතර ප්‍රයෝජන වෙයි. (පි. 80)