සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 95

අපධාරණ

න. පියන, වහන්තරාව. (පි. 80)

අපනත

ති. නැමුණු, අවනත. (පි. 80)

අපනමති

ක්‍රි. (අප+තම. √ භු. න‍මනෙ, නැමීමෙහි +ති) නමයි, අවනත කෙරෙයි. (පි. 80)

අපනමන

න. නැමීම, පහතට එබීම. (පි. 80)

අපනාමෙති

ක්‍රි. (අප+තම. √ භු. න‍මනෙ, නැමීමෙහි +ති) නමයි, පහතට ඔබයි. (පි. 80)

අපනිහිත

ති. සඟවනලද, බැහැර කළ. (පි. 80)

අපනීත

ති. ඉවත් කළ, බැහැර කළ, එපා කළ. (පි. 80)

අපනුදති

ක්‍රි. (අප+නු. √ භු. ඛෙපෙ, දැමීමෙහි +ති) පහ කරයි, බැහැර කරයි. (පි. 80)

අපනුදන

න. බැහැර කිරීම, ඉවත් කිරීම. (පි. 80)

අපම්මුට්ඨ

ති. නොමුළා වීම, නොමුළාව. (පි. 80)

අපමාර

පු. අපස්මාර රෝගය, මීමස්මොරය, මූර්ච්ඡාරෝගය. (පි. 80)

අපයාති

ක්‍රි. (අප+යා √ භු. ගතියං, යාමෙහි +ති) පහව යෙයි. (පි. 80)

අපයාන

න. අපගමනය, පහව යාම. (පි. 80)

අපර

ති. අන්‍ය, වෙන, තමා අයත් නොවන. (පි. 80)

අපරගඞ්ගා

ඉ. ගඟින් මෑතභාගය, මෙගොඩ. (පි. 80)

අපරගොයාන

න. සතරමහාද්වීපයෙන් එකක් වූ එනම් ද්වීපය. (පි. 80)

අපරජ

ති. පසුව උපන්, බාල. (පි. 80)

අපරජ්ජු

අ. අපරකාලයෙහි, දෙවැනි දිනයෙහි. (පි. 80)

අපරජ්ඣති

ක්‍රි. (අප+රාධ. √ දි. හිංසායං, හිංසාවෙහි +ති) අපරාධ කෙරෙයි. (පි. 80)

අපරද්ධ

ති. අපරාධ කළ, වැරදි කළ, වරදවනලද. (පි. 80)

අපරන්ත

පු. අපර කෙළවර, අනාගතයාගේ කෙළවර. (පි. 80)

අපරන්ත(ණ්ණ)

න. පසුව ඇතිවූ ආහාරය, ආදිකප්පයෙහි ප්‍රථමාහාරයෙන් මෑතභාගයෙහි වූ මුං උඳු ආදිය. (අපරන්තයට මුලින් ඇතිවූ හැල්ආදිය පුබ්බන්ත නමි.) (පි. 80)

අපරප්පච්චය

ති. (අ+පර+පච්චය) පරප්‍රත්‍යය රහිත, අනුන්ගේ කීම නිසාම නොඅදහන. (පි. 80)

අපරභාග

පු. අන්‍යභාගය, මෑතකාලය, පසුකාලය. (පි. 80)