සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 96

අපරසෙල

පු. අස්තපර්‍වතය, අවරගිර. (පි. 80)

අපරාජිත

ති. නොපරදනලද, නොපැරදවිය හැකි, පරදවන්ට බැරි. (පි. 80)

අපරාජිතා

ඉ. කටරොළු, එළකටරොළු, සෙපාලිකා. (පි. 80)

අපරාධ

පු. අපරාධය, වැරැද්ද, දෝසය, වැරදි ක්‍රියාව. (පි. 80)

අපරාධික

ති. අපරාධ කාරයා, වැරදි කාරයා. (පි. 80)

අපරාධිත

ති. අපරාධ කළ, වැරදි කළ. (පි. 80)

අපරාධී

පු. අපරාධ ඇත්තා. (පි. 80)

අපරාන්තිකා

ඉ. ප්‍රාවාන්තක නම් වෛතාලීය වෘත්තයාගේ සම පාදයෙන් රචනා කළ අපරාන්තිකා වෘත්තය. (පි. 80)

අපරාපරිය

ති. (අපර+අපර+ඉය) අනික් අනික් භවයකට අයිති, අන්‍ය අන්‍ය ආත්මභාව පිළිබඳ. (පි. 80)

අපරාපරියවෙදනීයකම්ම

න. තුන්වෙනි සතරවෙනි ආදීවූ අන්‍ය අන්‍ය ආත්මභාවයකදී විපාකදෙන කර්මය. (පි. 80)

අපරායී

ති. පිළිසරණ නැති, ප්‍රතිෂ්ඨා රහිත, පිහිට නැති. (පි. 81)

අපරිග්ගහිත

ති. (අ=+පරි+ගහන) පරාගෘහිත නොවන, අයත් නොවන. (පි. 81)

අපරිච්චත්ත

ති. (න+පරිච්චත්ත) අත් නොහළ, අයිතිය මුදා නොදුන් දැය. (පි. 81)

අපරිච්ඡින්න

ති. නොපිරිසුන්, වෙන් නොකළ. (පි. 81)

අපරිඤ්ඤාත

ති. නොදත්, අවබෝධ නොකළ, ස්වභාවාදීනව නොදත්. (පි. 81)

අපරිණත

ති. නොපැසුණු, නොමේරූ. (පි. 81)

අපරිත්ත

ති. (අ=න+පරිත්ත) අනල්ප, නොමද, ටික නොවන. (පි. 81)

අපරිපක්ක

ති. නුමුහුකළ, නොපැසුණු, නොම ඉදුනු. (පි. 81)

අපරිභොග

පු. පරිභොග නොකිරීම, ති. ප්‍රයොජන නොගත හැකි. (පි. 81)

අපරිමණ්ඩල

ති. අසම්පූර්‍ණ, පරිමණ්ඩල ලක්ෂණ නොමැති. (පි. 81)

අපරිමාණ

ති. අප්‍රමාණ, ප්‍රමාණ රහිත, අපමණ. (පි. 81)

අපරිමිත

ති. ප්‍රමාණ නොකළ, පමණ නොකළ, අපමණ. (පි. 81)

අපරියන්ත

ති. (අ=න+පරි+අන්ත) සීමා රහිත, කෙළවරක් නැති. (පි. 81)

අපරියොගාහන

න. අන්තර්‍ගත නොවීම, ඇතුළත් නොවීම. (පි. 81)