සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 97

අපරියොනද්ධ

ති. යටත් නොකළ, නොවසන ලද. (පි. 81)

අපරිසක්කන

න. වීර්‍ය්‍ය නොකිරීම, උත්සාහ නොකිරීම. (පි. 81)

අපරිසෙස

ති. (අ=න+පරි+සෙස) සෙස රහිත, ඉතුරු නැති. (පි. 81)

අපරිහාන

න. නොපිරිහීම. ති. පිරිහීමක් නැති. (පි. 81)

අපලාප

පු. සඟවා කීම, ප්‍රතිච්ඡන්න කොට කීම. ති. පලාප රහිත. (පි. 81)

අපලාපී

පු. ප්‍රලාප රහිතයා. ‘පලාපී’ බලනු. (පි. 81)

අපලායන

න. පැන නොයෑම, පලා නොයෑම. (පි. 81)

අපලායී

ති. පලා නොයන, පැන නොයන. (පි. 81)

අපලාස

පු. යුගග්‍රාහ නොවන, උතුමන් හා සරිකොට ග්‍රහණය නොකරන. (පි. 81)

අපලාසී

ති. යුගග්‍රාහය නැති-‘පලාසී’ බලනු. (පි. 81)

අපලාළෙති

ක්‍රි. (අප+ළල √ චු. උපසෙවායං, නැළවීමෙහි +ණෙ+ති) නොනළවයි. නොපොලඹවයි. (පි. 81)

අපලිබුද්ධ

පු. (අ=න+පලිබුද්ධ) නිදහස්, පීඩා රහිත, නොදැවටුනු. (පි. 81)

අපලිබොධ

පු. පලිබොධ නැතිබව, හිරිහැර නොවීම. (පි. 81)

අපලෙඛති

ක්‍රි. (අප+ලිඛ. √ භු. ලෙඛනෙ, ලිවීමෙහි, ඉරි ඇඳීමෙහි-පිසදැමීමෙහි +ති) ලියයි, ඉරිගසයි, පිසදමයි. (පි. 81)

අපලෙඛන

න=ඉරි ඇඳීම, පිසදැමීම, ලෙවකෑම. (පි. 81)

අපලොකන

න. නිරීක්ෂණය, බැලීම, අවසර ගැනීම, එනම් විනයකර්මය. (පි. 81)

අපලොකිත

ති. (අප+ලොකිත) බලන ලද, අවසර ගත්. (පි. 81)

අපලොකී

ති. බලන, පරීක්ෂා කරන. (පි. 81)

අපලොකෙති

ක්‍රි. (අප_ලොක. √ චු. දස්සනෙ දැකීමෙහි +ණෙ+ති) බලයි, අවසර ගනියි. (පි. 81)

අපවග්ග

පු. නිර්‍වාණය, පරිත්‍යාගය, අවසානය. (පි. 81)

අපවජ්ජන

න. ත්‍යාගය, හැරීම, දුරු කිරීම. (පි. 81)

අපවත්තති

ක්‍රි. (අප+වතු. √ භු. වත්තනෙ, පැවැත්මෙහි +ති) පෙළයි, ඉවත්ව යෙයි. (පි. 81)

අපවදති

ක්‍රි. (අප+වද. √ භු. වචනෙ, කීමෙහි +ති) නින්දා කෙරෙයි. පරුෂ බණියි, ගරහයි. (පි. 81)

අපවහති

ක්‍රි. (අප+වහ. √ භු. පාපණෙ, පැමිණීමෙහි +ති) ඉවත් කරයි, බැහැර කරයි. (පි. 81)