සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 98

අපවාද

පු. නුගුණ කීම, අගුණ කීම, කාර්‍ය්‍යයකින් කාර්‍ය්‍යයක් වළක්වාලීම. (පි. 81)

අපවාරණ

න. පිධානය, පියන, වහන්තරාව. (පි. 81)

අපවාරිත

ති. නොපවරණලද. (පි. 81)

අපවිද්ධ

ති. වීසිකළ, දමනලද, ඉවත්කළ. (පි. 81)

අපවිනය

ති. ලබනු කැමැති දේ තිබෙද්දී, තමන්ට ලැබිය යුතු පිරිකර කොටස ලබන කැමැත්ත අත් නොහැර. (පි. 82)

අපවියූහති

ක්‍රි. (අප+වි_ඌහ. √ භු. විතක්කෙ, විතර්‍කයෙහි, ‘ය’ ආගම+ති) විතර්‍ක කරයි, සිතයි. (පි. 81)

අපසක්කති

ක්‍රි. (අප+සක්ක √ භු. ගමනෙ, යාමෙහි +ති) ඉවත්ව යෙයි, බැහැර යෙයි. (පි. 82)

අපසක්කන

න. ඉවත්ව යාම, බැහැර යාම. (පි. 82)

අපසද

පු. හීනයා, පහත් ගති ඇත්තා. (පි. 82)

අපසප්ප

පු. චරපුරුෂයා, ඔත්තුකාරයා. (පි. 82)

අපසව

පු. විපරීතාර්ථය, වැරදි අර්ථය. (පි. 82)

අපසව්‍ය

න. දකුණු ශරීරය, දකුණුපැත්ත (උදාන අටුවා, ත්‍රිපිටක මුද්‍රණය 195 පිට) (පි. 82)

අපස්මාර

පු. අපමාර රෝගය, මූර්ච්ඡාරෝගය, මීමැස්මොරය. (පි. 82)

අපස්සය

පු. න. හේත්තුවන පුවරුව (සත්තඞ්ගො නාම පිට්ඨි අපස්සයෙන ච උබතො පස්සෙසු අපස්සයෙහි ච සද්ධිං කතො.) (පි. 82)

අපස්සයන

න. හේත්තුවීම, හාන්සිවීම, නිද්‍රාව. (පි. 82)

අපස්සයික

පු. නිදන්නා, හාන්සිවන්නා. (පි. 82)

අපස්සෙති

ක්‍රි. (අප+සි. √ භු. සයෙ, නිදීමෙහි +ති. අප+සෙති=අපස්සෙති) නිදයි, සැතපෙයි. හාන්සිවෙයි. (පි. 82)

අපස්සෙන

න. හේත්තුවන ලෑල්ල, හාන්සිවන පුවරුව.
න. පිටාටුව, පිට ඇන්ද, හාන්සි වන පිණිස තැනූ දෙය. (පි. 82)

අපස්සෙනඵලක

න. හේත්තුවන ලෑල්ල, හාන්සිවන පුවරුව. (පි. 82)

අපසාද

න=ගැටීම, දෝෂාරොපනය කිරීම, බැණීම්. (පි. 82)

අපසාදිත

ති. බැහැර කළ, ගටනලද. (පි. 82)

අපසාදෙති

ක්‍රි. (අප+සද. √ චු. අස්සාදෙ, ආස්වාදයෙහි +ණෙ+ති) නින්දා කෙරෙයි, බණියි, දොස් නගයි, ගටයි. (පි. 82)

අපහර

පු. සොරකම, ඉවත් කිරීම, බැහැර කිරීම. (පි. 82)

අපහරණ

න. සොරකම් කිරීම. බැහැර කිරීම. (පි. 82)