සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 99

අපහරති

ක්‍රි. (අප+හර. √ භු. හරණෙ, හැරගැනීමෙහි +ති) සොරකම් කෙරෙයි. පැහැර ගනියි. (පි. 82)

අපහාර

පු. පහකොට ගැන්ම. (පි. 82)

අප්ප

√ භු. පාපුණනෙ, පැමිණීමෙහි, අප්පොති, පැමිණෙයි.
ති. ස්වල්ප, මඳ, ටික, කුඩා. (පි. 75)

අප්පක

ති. ස්වල්ප, මඳ, ටික, කුඩා. (පි. 76)

අප්පකත

ති. තැනට නොගැළපෙන, ප්‍රස්තාවොචිත නොවූ. (පි. 76)

අප්පකසිර

න. (අප්ප+කසිර) මඳහිරිහැරය, හිරිහැර නැති. (පි. 76)

අප්පකාර

ති. (අ+පකාර) ප්‍රකාර රහිත, විධි විරහිත, පිළිවෙළ නැති. (පි. 76)

අප්පකාරක

පු. (අ+පකාරක) එක් ප්‍රකාරයකට ක්‍රියා නොකරන්නා.
පු. උපකාර නැත්තා, අනුපකාර කරන්නා. (පි. 76)

අප්පකිච්ච

ති. ස්වල්ප කටයුතු ඇති, මඳ කිස ඇති. (පි. 76)

අප්පකිණ්ණ

ති. ආකීර්‍ණතා විරහිත, සමූහයා හා එකට ගැටීමක් නැති. (පි. 76)

අප්පකොපෙති

ක්‍රි. (න=අ+ප+කුප √ ද. කොප, කිපීමෙහි +ති) නොකිපෙයි. (පි. 76)

අප්පගන්ධ

පු. මඳගඳ, ටිකසුවඳ. (පි. 76)

අප්පගන්ධික

ති. මඳ සුවඳ ඇති. (පි. 76)

අප්පගබ්භ

ති. (අ+පගබ්භ) ප්‍රගල්භ රහිත, නුබුහුටි, කඩිසර නැති.
ති. (අප+ගබ්භ) පහවූ ගර්‍භශය්‍යා ඇති. (පි. 76)

අප්පග්ඝ

ති. (අප්ප+අග්ඝ) මඳ වටිනාකම, බොහෝ නොවටින. (පි. 76)

අප්පච්චය

ති. ප්‍රත්‍යය රහිත, හේතු රහිත, කරුණු නැති. (පි. 76)

අප්පඤ්ඤත්ත

ති. නොපණවනලද, නියොග නොකළ. (පි. 76)

අප්පට්ඨ

ති. (අප්ප+අට්ඨ=අප්පත්ථ) අර්ථ රහිත, ඵල රහිත. (පි. 76)

අප්පට්ඨතර

ති. බොහෝ උපකරණයන්ගෙන් හෝ වතාවත් කරන්නන්ගෙන් ප්‍රයොජන නැති. (පි. 76)

අප්පටිකාරික

ති. ප්‍රත්‍යුපකාර නොකරන. (පි. 76)

අප්පටිඝ

ති. (අ=න+පටිඝ) ප්‍රතිඝ රහිත. (පි. 76)

අප්පටිනිස්සග්ග

ති. (අ=න+පටි+න+සග්ග) නොහරිණ, දුරු නොකරන, ඉවත් නොකරන. (පි. 76)

අප්පටිපුග්ගල

පු. අප්‍රතිපුද්ගලයා, අසමාන පුද්ගලයා. (පි. 76)

අප්පටිබද්ධ

ති. ප්‍රතිබද්ධ නොවන, නොපිළිබඳ, නොබැඳුනු. (පි. 76)