සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 100

අප්පටිභාග

ති. ප්‍රතිභාග රහිත. (පි. 76)

අප්පටිභාති

ක්‍රි. (අ=න-පටි+භා √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) නොවැටහෙයි, අවබෝධ නොවෙයි. (පි. 76)

අප්පටිභාන

ති. ප්‍රතිභාන රහිත, වැටහීම් නැති. (පි. 76)

අප්පටිම

ති. අසමාන. පු. බුදුරජ. (පි. 76)

අප්පටිවත්තිය

ති. විරුද්ධව පවත්වන්ට නොහැකි. (පි. 76)

අප්පටිවාන

න. නොපසුබස්නා වීර්‍ය්‍යය, උත්ථානවීර්‍ය්‍යය. (පි. 76)

අප්පටිවානිතා

ඉ. නොපසුබස්නා වීර්‍ය්‍ය ඇති බව. (පි. 76)

අප්පටිවානිය

න. නොපසුබස්නා වීර්‍ය්‍යය. (පි. 76)

අප්පටිවානී

ති. නොපසුබස්නා වීර්‍ය්‍ය ඇති. (පි. 76)

අප්පටිවිද්ධ

ති. ප්‍රතිවේධ නොකළ, අවබෝධ නොකළ. (පි. 76)

අප්පටිවිභත්ත

ති. නොබෙදනලද, විභාග නොකළ, කොටස් නොකළ. (පි. 76)

අප්පටිවෙක්ඛණා

ඉ. ප්‍රත්‍යවෙක්ෂා නොකිරීම. (පි. 76)

අප්පටිවෙක්ඛිය

පු.ක්‍රි. ප්‍රත්‍යවෙක්ෂා නොකොට, නොපස්විකා. (පි. 76)

අප්පටිසඞ්ඛයා

පු.ක්‍රි. නොසලකා, නොපස්විකා. (පි. 76)

අප්පටිසන්ධි

ති. සන්ධිවීම් රහිත, ප්‍රතිසන්ධිරහිත, පිළිසඳ නැති. (පි. 77)

අප්පටිස්සවන

න. (අ=න+පටි+සවන) නොවැගිරීම, නොවෑස්සීම. (පි. 76)

අප්පටිස්සවනතා

ඉ. නොවැගිරෙනබව, ගලා නොබසිනබව. (පි. 76)

අප්පඨම

ති. ප්‍රථම නොවන, පළමුවෙනි නොවන. (පි. 77)

අප්පණා

ඉ. පැමිණවීම. අයිතිකර දීම. (පි. 77)

අප්පණාක්ධාන

න. රූපාවචරාදිධ්‍යානය. (පි. 77)

අප්පණාචිත්ත

න. ධ්‍යානචිත්තය. (පි. 77)

අප්පණාසමාධි

පු. රූපාවචරාදි සමාධිය, ‘උපචාරසමාධි’ බලනු. (පි. 77)

අප්පණිහිත

ති. (අ=න+පණිහිත) “එතං මම එතං සුඛං” යනාදින් ප්‍රවෘත්තවූ තෘෂ්ණාසඞ්ඛ්‍යාත ප්‍රණිධිය බැහැර කරන ලද තෘෂ්ණා රහිත. (පි. 77)

අප්පණිහිතවිමොක්ඛමුඛ

න. යම් කලෙක ව්‍යුත්ථානගාමිනීවිදර්‍ශනාව දුඃඛ හෙයින් විදර්‍ශනා කෙරේ නම් එසමයෙහි මාර්ගය තෙම අප්‍රණිහිත විමොක්ෂමුඛ නම් වේ. (පි. 77)