සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 101
අප්පත්ති
ඉ. අප්‍රවෘත්තිය, නොපැවැත්ම. (පි. 77)
අප්පත්ථ
ති. අල්පය යන අර්ථ ඇති. (පි. 77)
අප්පතිකුට්ඨ
ති. උපවාද රහිත, නින්දා රහිත. (පි. 77)
අප්පතිට්ඨ
ති. ප්‍රතිෂ්ඨා රහිත, පිහිටීම් නැති පිහිට නැති. (පි. 77)
අප්පතිස්ස
ති. යටත් නොවූ පැවතුම් ඇති, බුද්ධ ධම්ම සඞ්ඝ සික්ඛා අප්පමාද පටිසත්ථාර යන සතැන අගරුලෙස හැසිරීම් ඇති. (පි. 77)
අප්පතිහ
න. ස්වල්පකාලය. මඳකාලය. (පි. 77)
අප්පතිහත
ති. (අ=න+පති+හත) අප්‍රතිහත නොමැඩිය හැකි, නොනැසිය හැකි, යටත් නොකටහැකි. (පි. 77)
අප්පතීත
ති. නොපතළ, නොසතුටු. (පි. 77)
අප්පතීති
ඉ. අප්රසිද්ධිය, නොහැඟීම. (පි. 77)
අප්පථාම
පු. ස්වල්පශක්තිය. ති. ශක්තිය නැති, දුර්වල. (පි. 76)
අප්පදස්ස
පු. මඳ නුවණැත්තා, අඥයා. (පි. 76)
අප්පදුට්ඨ
ති. (අන+ප+දුස √ දි. අප්පීතිම්හි අප්රීතියෙහි +ත=ට්ඨ) ප්‍රදුෂ්ට නොවන, ක්‍රෝධ රහිත, අපරාධ රහිත. (පි. 77)
අප්පධංස
ති. විනාශ නොවන, නැති නොවන. (පි. 77)
අප්පධංසික
ති. විනාශ නොවන, නැති නොවන. (පි. 77)
අප්පධංසිත
ති. අවිනාශිත, විනාශ නොකළ. (පි. 77)
අප්පධංසිය
ති. විනාශ නොවිය යුතු, නැති නොවිය යුතු. (පි. 77)
අප්පධාන
ති. ප්‍රධාන නොවන, ස්වතන්ත්‍ර නොවූ. (පි. 77)
අප්පනිග්ඝොස
ති. ඝොෂ රහිත, ස්වල්පශබ්ද ඇති.
ති. (අප්ප+නි+ඝොස) මඳ ඝොෂ ඇති, මහත් ශබ්ද නැති. (පි. 77)
අප්පපඤ්ඤ
ති. ස්වල්ප ප්‍රඥා ඇති, ප්‍රඥා නැති. (පි. 77)
අප්පපුඤ්ඤ
ති. පින්නැති, මඳපින් ඇති. (පි. 77)
අප්පභක්ඛ
ති. ටිකක් කන, මඳක් අනුභව කරන. (පි. 77)
අප්පභොග
පු. ස්වල්පභොගය, මඳ අනුභවය, ති. දුප්පත්. (පි. 77)
අප්පමඤ්ඤා
ඉ. සතරබ්රහ්මවිහරණය, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ධර්මසතර. (පි. 77)
අප්පමත්ත
ති. (අප්ප+මත්ත) ස්වල්පප්රමාණ, මඳපමණ.
ති. (අ=න+පමත්ත) පමා නොවූ, එළඹසිටි සිහි ඇති. (පි. 77)