සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 102
අප්පමාණ
ති. ප්‍රමාණ රහිත, අපමණ. (පි. 77)
අප්පමාණසුභ
පු. මෙය තෘතීය ධ්‍යාන භූමියට අයත් බඹලෝ තුනෙන් දෙවැන්නය. ප්‍රමාණ රහිත ශරීර ආලෝකයක් මොවුන්ට ඇත. මහා කල්ප 32ක් ආයුෂය වෙයි. (පි. 77)
අප්පමාද
පු. අප්‍රමාදය, ස්මෘති අවිප්‍රවාසය, නොපමාව. (පි. 77)
අප්පමාදවිහාර
පු. (අ=න+පමාද+විහාර) අප්‍රමාද විහරණය. (පි. 77)
අප්පමාරිස
පු. සුළුකූර. (පි. 77)
අප්පමිද්ධ
ති. නිදි නැති. (පි. 77)
අප්පමෙය්ය
ති. ප්‍රමාණ නොකට හැකි, පමණ නොකට හැකි. (පි. 77)
අප්පයොග
පු. ක්‍රියාවෙහි නොයෙදීම. අප්රයොගය. (පි. 77)
අප්පරජක්ඛ
ති. ප්රඥාවක්ෂුසෙහි ස්වල්පවූ රාගාදී රජස් ඇති. (පි. 77)
අප්පවත්ත
ති. නොපැවැති. (පි. 77)
අප්පවත්තිත
ති. නොපවත්වනලද. (පි. 77)
අප්පවත්තිතා
ඉ. නොපවත්නාබව. (පි. 77)
අප්පසඞ්ග
පු. නොපැමිණීම, ප්රසඞ්ග නොවීම අප්රසඞ්ගය. (පි. 78)
අප්පසත්ථ
ති. (අප්ප+සත්ථ) සත්ථවාහකයෙකු රහිත, සාත්තුවෙකු නොමැති (ගැල්සමූහයක් සාත්තු නම් වේ) (පි. 78)
අප්පසන්න
ති. ප්‍රසන්න නොවු, නොපැහැදුනු. (පි. 78)
අප්පසමාරම්භ
ති. ස්වල්පාරම්භ ඇති, ස්වල්පවූ පටන්ගැන්මක් ඇති. (පි. 78)
අප්පස්සක
ති. (අප්ප+සක) තමා පිළිබඳ ස්වල්ප වූ අයිතිය ඇති. (පි. 77)
අප්පස්සාද
ති. (අප්ප+අස්සාද) ස්වල්පවූ ආස්වාද ඇති. පු. මඳරස විඳීම. (පි. 78)
අප්පස්සුත
ති. අල්පශ්‍රැත, බහුශ්රැතනොවූ, බොහෝ ඇසූපිරූ තැන් නැති. (පි. 78)
අප්පසාද
පු. අප්‍රසාදය, නොසතුට, නොපැහැදීම. (පි. 78)
අප්පසාදිත
ති. නො පහදවනලද. (පි. 78)
අප්පසාවජ්ජ
න. ස්වල්ප වරද. ති. සුලු වරද සහිත. (පි. 78)
අප්පසිද්ධ
පු. ව්‍යාකරණයෙහි දක්නට නොලැබෙන දෙය, ස්ත්‍රීලිඞ්ග අකාරාන්ත ශබ්ද ආදිය. (පි. 78)
අප්පහරිත
ති. නිල්තණ රහිත. (පි. 78)