සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 103

අප්පහාණ

න. ප්‍රහීණ නොවීම. (පි. 78)

අප්පහීන

ති. ප්‍රහීණ නොවූ, ක්ෂය නොවූ. (පි. 78)

අප්පාණක

ති. ප්‍රාණ රහිත, පණුවන් නැති. (පි. 78)

අප්පාතඞ්ක

ති. (අප්ප+ආතඞ්ක) ස්වල්පාබාධ ඇති, නිරෝගී, ලෙඩ නැති, අධික ලෙඩ නැති. (පි. 78)

අප්පාතුම

පු. ස්වල්ප ආත්මය. (පි. 78)

අප්පිච්ඡ

ති. අල්පෙච්ඡ. ලදදෙයකින් සතුටු වන. (පි. 78)

අප්පිච්ඡතා

ඊ-අල්පෙච්ඡතාව, ලදදෙයකින් සතුටු වන බව. (පි. 78)

අප්පිත

ති. පැමිණි, සමවැදුනු, ඇතුළත් වූ. (පි. 78)

අප්පිය

ති. ප්‍රිය නොවූ. (පි. 78)

අප්පියවාදී

පු. අප්‍රියවාදියා, ප්‍රියනොවන කථා කියන ස්වභාව ඇත්තා. (පි. 78)

අප්පියසම්පයොග

පු. අප්‍රිය තැනැත්තන් හා එකතු වීම. (පි. 78)

අප්පීකා

ඉ. කුඩා තැනැත්තී. (පි. 78)

අප්පෙකදා

අ. (අපි+එකදා) සමහර දවසක, ඇතැම් දිනයක. (පි. 78)

අප්පෙව

අ. සංසයෙහි, සැකයෙහි. (පි. 78)

අප්පෙවනාම

අ. සංසයෙහි, ඉතායෙහෙක යන අර්ථයෙහි- “අප්පෙව නාම මයම්පි ආයස්මන්තානං කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්‍යාමාති.” (පි. 78)

අප්පෙසක්ඛ

ති. අල්පෙශාඛ්‍ය නොවන, උදාරම් නොවන, තෙජස් නැති. (පි. 78)

අප්ඵුත

ති. ස්පර්‍ශ නොකළ, නොතැවරුණු, නොගෑවුනු. (පි. 78)

අප්ඵොටා

ඉ. වැලිද්ද, කටරොළු. (පි. 78)

අප්ඵොටිත

ති. අත්වොළසන් දුන්, අප්පිඩි ගසනලද. (පි. 78)

අප්භපුප්ඵ

පු. අභ්‍රපුෂ්ප, හොමුවඟු. (පි. 85)

අපාක

ති. නොපැසුණු, නොඉදුනු, පු. නො පැසීම. (පි. 82)

අපාකට

ති. ප්‍රකට නොවන, අප්‍රසිද්ධ. (පි. 82)

අපාකටතා

ඉ. අප්‍රකටබව, අප්‍රසිද්ධ බව, ප්‍රසිද්ධ නොවනබව. (පි. 82)

අපාකතික

පු. ප්‍රකෘතිමත් නොවන, ප්‍රතිසංස්කරණ රහිත. (පි. 82)