සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 104

අපාඞ්ග

න. නෙත්‍රාන්තය, නෙත්කෙළවර. (පි. 82)

අපාචී

ඉ. දක්ෂිණදිශාව, දකුණුදිග. (පි. 82)

අපාචීන

ති. ප්‍රාචීන නොවන, පූර්‍වනොවන, බටහිරට අයත්. (පි. 82)

අපාඨ

පු. (අ+පාඨ) අපපාඨය, වැරදිපාඨය, වැරදි වාක්‍යය. (පි. 82)

අපාතුභූත

ති. නොහටගත්. පහළනොවූ. නොඋපන්. (පි. 82)

අපාද(ක)

ති. පාද රහිත, පා නැති, කකුල් නැති, බඩගා යන (සතා) (පි. 82)

අපාදාන

න. වෙන්කොට ගැනීම, අවධිකාරකය. (පි. 82)

අපාන

න. ප්‍රශ්වාසය, නාසිකාවෙන් පිටවෙන වාතය. ‘ආනාපාන’ බලනු. (පි. 82)

අපානක

පු. පැන් නොබොන තැනැත්තා. (පි. 82)

අපාපුරණ

න. අවාපුරණය, යතුර, කෙස්ස, දොරයතුර. (පි. 82)

අපාපුරති

ක්‍රි. (අප+ආ+පුර. √ භු. අග්ගගමනෙ, ඉදිරිගමනයෙහි +ති) විවෘතකෙරෙයි, දොර හරියි. (පි. 82)

අපාමග්ග

පු. සැබෝගස, කරල්හැබ. (පි. 82)

අපාය

පු. සැප රහිත ස්ථානය, නිරය, විනාසය. අපාය සතරකි. එනම්:- නරකය, තිරිසන් අපාය, ප්‍රේත යොනිය, අසුර නිකාය යන සතරයි. “පුඤ්ඤ සම්මතා අයා යෙභූය්‍යෙන අපගතොති අපායො.” (පි. 82)

අපායමග්ග

පු. නිරයට යන මාර්ගය, අකුශල ක්‍රියාව. (පි. 82)

අපායමුඛ

පු. විනාසයේ දොර, පරදාරසේවනාදිය. (පි. 82)

අපායසභාය

පු. අපාය(=විනාශය) පිණිසවූ, අපායගාමී දුශ්චරිත පිණිස සහාය වන්නා. (පි. 83)

අපායී

පු. පිටත යන්නා, ඉවත්ව යන්නා. (පි. 83)

අපාර

න. මෙතෙර, මෙගොඩ. ති. පරතෙරක් නැති. (පි. 83)

අපාරනෙය්‍ය

පු. නොතොටට ගෙන යන්නා, නොමග ගෙන යන්නා. (පි. 83)

අපාරුත

ති. නොපොරවනලද, නොවසනලද, නොපියනලද - “අපාරුතා තෙසං අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං” (පි. 83)

අපාලම්බ

න. හේත්තුවන පුවරුව, ඇන්ද. (පි. 83)

අපාහත

ති. නසනලද. නින්දා කළ, ගරහන ලද. (පි. 83)

අපි

අ. සම්භාවනා, ගර්‍හා, අපේක්ෂා, සම්පිණ්ඩන, ප්‍රශ්න, සංවරණ, ආසිංසන යන මෙහි. (පි. 83)

අපිග්ගහණ

න. ව්‍යාකරණ සූත්‍රයන්හි අපි යන උපසර්‍ගයාගේ ප්‍රයොගය. (පි. 83)