සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 105

අපිතික

ති. (අ+පිතු+දුක) පියෙක් නැති, අවජාතක. (පි. 83)

අපිථියති

ක්‍රි. (අපි+ථෙ. √ භු. සද්දසඞ්ඝාතෙ, ශබ්දයෙහි හා රැස්කිරීමෙහි +ය+ති) පියනු ලැබේ, වසනු ලැබේ. (පි. 83)

අපිදහති

ක්‍රි. (අපි+ධා. √ භු. ධාරණෙ, දැරීමෙහි. ධ=ද, හ+ති) වසයි, පියයි. (පි. 83)

අපිදහන

න. වහන්තරාව, පියන. (පි. 83)

අපිධාන

න. පියන, වහන්තරාව. (පි. 83)

අපිනාම

අ. ප්‍රශංසා, ගර්‍හා, සංඥා, අභ්‍යූපගමාදියෙහි. (පි. 83)

අපිලාපන

ති. නොඉල්පෙන, නොඉලිප්පෙන ජලයෙහි නොවාපෙව. න. නොඉල්පීම. (පි. 83)

අපිලාපනසද්ධා

ඉ. නොඉල්පෙන ශ්‍රද්ධාව, අචලශ්‍රද්ධාව, ස්ථිරශ්‍රද්ධාව. (පි. 83)

අපිලාපන්තා

ඉ. නොඉල්පෙන (=නොඉලිප්පෙන) බව. (පි. 83)

අපිලාපෙති

ක්‍රි. (අපි+ප්ලු. √ භු. ගතියං, යාමෙහි +ණෙ+ති) ඉල්පෙයි. (පි. 83)

අපිස්සු

අ. අනුබ්‍රෑහණාර්ථයෙහි. (පි. 83)

අපිහාර

පු. නැවත ගැන්ම. (පි. 83)

අපිහාලු

පු. (අ=න+පිහ. √ ආලු) ආසා නැත්තා, ප්‍රාර්ථනා නැත්තා. (පි. 83)

අපිහිත

ති. වසනලද, පියනලද.
ති. (අ=න+පිහිත) නොවසනලද, නොපියනලද. (පි. 83)

අපුච්චණ්ඩ

න. (අ=+පූති+අණ්ඩ) කුණුනොවූ බිජුවට. (පි. 83)

අපුඤ්ඤ

න. අකුශලය, පාපය. (පි. 83)

අපුඤ්ඤාභිසඞ්ඛාර

පු. ද්වාදසවිධ අකුසල චෙතනා. (පි. 83)

අපුට්ඨ

ති(න+ √ පුච්ඡ+ත, ච්ඡ+ත=ට්ඨ) නොඇසු, නොවිචාල. (පි. 83)

අපුණාති

ක්‍රි. (අප. √ සු. පාපණෙ, පැමණීමෙහි +උණා+ති) පැමිණෙයි. (පි. 83)

අපුත්තක

ති. දරුවන් නැති, අපුත්‍රක. (පි. 83)

අපුථුජ්ජන

ති. පෘථග්ජන නොවන පු. මාර්‍ග ඵල ලාභියා. (පි. 83)

අපුබ්බ

ති. පෙරනොවන, පූර්‍වනොවන. (පි. 83)

අපූති

ති. කුණුනොවන, හරසහිත. (පි. 83)

අපෙක්ඛති

ක්‍රි. (අපි+ඉක්ඛ. √ භු. දස්සනෙ, දැකීමෙහි +ති) අපේක්ෂා කෙරෙයි, බලයි, බලාපොරොත්තුවෙයි. (පි. 83)