අපාය

apāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදු දහමට අනු ව සංසාරයෙහි දුක් විඳවන ස්ථානය; දුගතිය.
2. නා.ප්‍ර. වියෝගය; හානිය; දුර්භාග්‍යය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. වැය සම්බන්ධ වූ තැන; ව්‍යය ස්ථානය; ජන්ම කේන්ද්‍රයක දොළොස් වන භාවය; අපායස්ථානය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නරකය; විනාශය; සැප නැති තැන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සැප රහිත ස්ථානය, නිරය, විනාසය. අපාය සතරකි. එනම්:- නරකය, තිරිසන් අපාය, ප්‍රේත යොනිය, අසුර නිකාය යන සතරයි. “පුඤ්ඤ සම්මතා අයා යෙභූය්‍යෙන අපගතොති අපායො.” (පි. 82)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blazes
2. n. hell
3. n. underworld

Digital Pāḷi Dictionary