සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 136

අප්‍රේරක

(පාරිභා.) වි. විදුලිබලය ආගමනය නොවන; විදුලිබලය නොපැමිණෙන.

අපා

1. නා.ප්‍ර. පා නැත්තා; අපාදකයා; සර්පයා.
2. නා.ප්‍ර. අපාය.

අපාංග නිරීක්ෂණය

නා. නෙත් කොනින් බැලීම; කටාක්ෂ නිරීක්ෂණය.

අපාක

1. වි. නොපැසවූ; අමු.
2. වි. ජීර්ණ නොවූ; නොදිරවූ.
නා.ප්‍ර. කෑ ආහාර නොදිරවීම; ආමය.

අපාකරණය

නා. දූරිභූත කිරීම; පහ කිරීම.

අපාකෘත

වි. පහ කරන ලද; අත් හරින ලද; ඉවත් කළ.

අපාගත

වි. අපායට ගිය; නිරයට පැමිණි.

අපාචී

නා.ප්‍ර. දකුණු දිග; දක්ෂිණ දිශාව.

අපාටවය

නා. නිපුණ නොවන බව; අව්‍යක්තතාව.

අපාත්‍ර

වි. ප්‍රතිග්‍රාහක වීමට නොනිසි; නුසුදුසු.

අපාදකයා

නා. පාද නොමැති සත්ත්වයා; පා නැත්තා (සර්ප, මත්ස්‍ය, ගැඩවිල් ආදිහු).

අපාදානය

1. නා. අහකට ගැනීම; ඉවත් කිරීම; පහ කිරීම.
2. (ව්‍යාක.) නා. අපාදාන කාරකය; අවධි කාරකය.

අපාන

1. නා.ප්‍ර. මල මාර්ගයෙන් පිට වන වාතය; ගුද වායුව.
2. නා.ප්‍ර. මල මාර්ගය; ගුදය.

අපානේන්ද්‍රිය

නා.ප්‍ර. මල මාර්ගය; ගුදය.

අපාය

1. නා.ප්‍ර. බුදු දහමට අනු ව සංසාරයෙහි දුක් විඳවන ස්ථානය; දුගතිය.
2. නා.ප්‍ර. වියෝගය; හානිය; දුර්භාග්‍යය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. වැය සම්බන්ධ වූ තැන; ව්‍යය ස්ථානය; ජන්ම කේන්ද්‍රයක දොළොස් වන භාවය; අපායස්ථානය.

අපාය අක්ෂර

නා.බහු. අශූභ යැයි සලකනු ලබන ‘එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ළ, අං’යන අකුරු; අනිෂ්ටාක්ෂර; අවාකර.

අපායනය

(පාරිභා.) නා.ප්‍ර. ආලෝක ධාරා එක ම ලක්ෂයක් පසු කර නොයෑම හෙවත නොමඟ යෑම; භ්‍රංශය (=aberration).

අපායෝත්පත්තිය

නා. අපායෙහි ඉපදීම.

අපාර

වි. පරතෙරක් හෝ නිමාවක් හෝ නැති; අපර්යන්ත.

අපාරගම්‍ය

(පාරිභා.) වි. පසාරු කර ගෙන යා නොහැකි; විනිවිද යෑමට නොහැකි (=impermeable impervious).

අපාරගම්‍ය පාෂාණ

(පාරිභා.) නා.ප්‍ර. ජලය උරා නොගන්නා පාෂාණය (=impermeable rock).

අපාර්ථ

1. වි. ප්‍රයෝජන නැති.
2. වි. තේරුමක් නැති; අර්ථ රහිත; එකිනෙකට සම්බන්ධ නොවූ.

අපාශ්‍රය

වි. ආශ්‍රය රහිත; පිහිටක් නැති; අසරණ.
1. නා.ප්‍ර. ආසනයක හේත්තු වීම සඳහා ඇති පුවරුව; අත තබා ගන්නා ඇන්ද; හාන්සි වන ලෑල්ල.
2. නා.ප්‍ර. පිහිට; සරණ; උපකාරය.

අපාශ්‍රයණය

නා.ප්‍ර. උපකාර වන දෙය; පිළිවෙතට මුල් වන දෙය.