සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 137
අපි
සර්ව. ‘මම’ යන්නෙහි බහු වචනය; උත්තම පුරුෂ ප්‍රථමා විභක්ති බහු වචනය.
1. අව්‍ය. සංවරණාර්ථයෙහි උපසර්ගයක් වශයෙන් යෙදෙන පදයක්. උදා:- අපිධානය.
2. අව්‍ය. අවධානාර්ථ නිපාතයක් වශයෙන් වාක්‍යයක මුල යෙදෙන අව්‍යයක්.
3. අව්‍ය. උඩ, මතූපිට යන අර්ථයෙහි උපසර්ගයක් වශයෙන් යෙදෙන අව්‍යයක්. උදා:- අපිචර්ම.
අපිකපාලය
(පාරිභා.) නා. (සත්ව.) හිස් කබල මතුපිට වූ සම, කෙස් ආදි සියලු ම දෙය; කෘමීන්ගේ හිසෙහි ඇස් දෙක අතර ද ඇස් දෙකට පිටිපසින් ද පිහිටි ප්‍රදේශය.
අපිකර්ණික
(පාරිභා.) වි. කනට උඩින් පිහිටි; කනෙහි අස්ථි ප්රාවරයෙහි උඩ කොටසට අයත්.
අපිකේන්ද්‍රය
(පාරිභා.) නා. පෘථිවි තලයෙහි භූ කම්පන නාභියට උඩින් ඇති කේන්ද්‍ර ස්ථානය හෙවත් ලක්ෂ්‍යය (=epicentre).
අපිචක්‍රය
(පාරිභා.) නා. වෘත්තයක පරිධියෙහි ස්ථානයක් කේන්ද්‍ර කොට ඇති කුඩා වෘත්තය.
අපිචර්මය
1. (පාරිභා.) (උද්භි.) නා. පැළෑටිවල කඳන්, මුල් සහ කොළවල පිටින් ඇති ආරක්ෂක ස්තරය (=epidermis).
2. (පාරිභා.) නා. සමෙහි පිටස්තරය (=epidermis).
අපිච්ඡදය
(පාරිභා.) නා.ප්‍ර. (සත්ව.) නිදහස් පෘෂ්ඨයක් වසාගෙන සිටින්නා වූ හෝ නළයකට හෝ කුහරයකට ආස්තරයක් වශයෙන් තිබෙන්නා වූ හෝ පටකය හෙවත් සිවිය (=epithelium).
අපිජනනය
(පාරිභා.) නා. (ජීව.) කළලයක් විකසනය වන්නේ එහි කොටස් අනුක්රමයෙන් සෑදීමෙන් සහ සංවිධාන වීමෙන්ය යන මතය (=epigenesis).
අපිජන්තු
(පාරිභා.) වි. (උද්භි.) පණ ඇති සතෙකු මත වැඩෙන; සතුන් විසින් ව්‍යාප්ත කෙරෙන ඇට හා ඵල ඇති; අපිසත්ත්ව (=epizoic epizous).
අපිජීහ්විකාව
(පාරිභා.) නා. (සත්ව.) පොලිසෝඩාවන්ගේ අපිපුටය; කෘමීන්ගේ අපිග්‍රසනිකාව; ක්ෂීරපායින්ගේ දිවෙහි මුලත් ස්වරාල ද්වාරයත් වසා තිබෙන තන්තුමය කාටිලේජීය පියන (=epiglottis).
අපිධානය
1. නා. වැසීම; සැඟවීම.
2. නා. වැස්ම; පියන; පිධානය.
අපිපත්ර
(පාරිභා.) වි. (උද්භි.) පත්‍ර හෙවත් කොළ උඩ වැඩෙන (=epiphyllous).
අපිපුෂ්පපත්ර
(පාරිභා.) වි. මලක පුෂ්ප පත්‍ර උඩ පිහිටි (=epitepalous).
අපිභෞම
(පාරිභා.) වි. බීජපත්‍ර පොළොවෙන් උඩට ඇදෙමින් ප්‍රරෝහනය වන (=epigeal).
අපියුනිය
(පාරිභා.) නා. ඇතැම් උරගයින්ගේ හා උභය ජීවීන්ගේ ශ්‍රෝණි යෝගයේ මධ්‍යස්ථ කාටිලේජය; අපිශ්රෝණිය (=epipubis).
අපිරමාණය
(කථා.) නා. සැකය; අවිශ්වාසය; විශ්වාස කළ නොහැකි දෙය.
අපිරි
1. වි. රුචි නොවන; ප්‍රිය නොවන; අප්‍රිය.
2. වි. නොපිරුණු; අසම්පූර්ණ.
අපිරිපුන්
වි. නොපිරුණු; අසම්පූර්ණ; අපරිපූර්ණ.
අපිරියාසය
(කථා.) නා. කෑම සඳහා ඇති අරුචිය.
අපිරිසිදු
වි. පිරිසිදු නැති; අපවිත්‍ර; අශුද්ධ.
අපිලාපන
නා.ප්‍ර. (අභි.) ඉල්පෙන්නට ඉඩ නොදීම; චෛතසික ධර්ම ස්ථිර වශයෙන් අරමුණෙහි පිහිටුවීම.
අපිශාකතාව
(පාරිභා.) නා. (උද්භි.) ශාකයක් මත අන්‍ය ශාකයක් රෝපණය වීම (=Epiphytism).
අපිශාකය
(පාරිභා.) නා. (උද්භි.) ශාකයක් මතුපිට රෝපණය වන අන්‍ය ශාකය (=epiphyte).
අපිස්
වි. මඳ ආසා ඇති; අල්පේච්ඡ.