අපිච්ඡදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. (සත්ව.) නිදහස් පෘෂ්ඨයක් වසාගෙන සිටින්නා වූ හෝ නළයකට හෝ කුහරයකට ආස්තරයක් වශයෙන් තිබෙන්නා වූ හෝ පටකය හෙවත් සිවිය (=epithelium).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිරුරේ බාහිර ස්තරය සෑදී ඇති පටකය හෝ සිවිය (සං. අපිච්ඡද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. epithelium