අනෙසනා

anesanā

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අයෝග්‍ය සෙවීම; නුසුදුසු ජීවිකාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. භික්ෂුන්ට අයොග්‍ය ප්‍රත්‍ය සෙවීම අනෙසනා නමින් හඳුන්වයි. එනම් 21 ආකාර වූ අනෙසනයි. 1. හුණ දඬු දීම. 2. තාම්බූලාදි පත්‍ර දීමය. 3. මල් දීමය. 4. ඵල වර්‍ග දීමය. 5. දැහැටි දඬු දීමය. 8. ඇඟ උලන සුණු ආදිය දීම. 9. මැටි දීමය. 10. චාටු කමින් උපස්ථායකයන් ඉදිරියෙහි සිටීම. 11. මුග්ගසූපතාවය, පිසූ මුං මෙන් මඳක් සැබෑත් වැඩියත් බොරුත් කීමය. 12. පාරිභට්ටනා නමින් දැක්වූ කුලදරුවන් නැලවීම ආදිය. 13. ජඞ්ඝපෙසනිකා නම් ලද ගිහියන්ගේ ලියුම් කියුම් හුවමාරු කිරීම. 14. ගිහියන්ට වෙදකම් කිරීම. 15. දූත කර්‍ම වූ ගිහියන්ගේ පණිවුඩ කීමය. 16. පහෙණ ගමන නම්වූ මෙහෙවර පිණිස කෙත්වත් ආදිය ලබාගැනීම. 17. පිණ්ඩප්‍රතිපිණ්ඩනයයි කියනු ලබන තමා ලද දෙය ගිහියන්ට දී ඔවුන් ලද දෙය තමා ලබාගැනීම. 18. ලාභාශාවෙන් අල්ලස් දීම. 19. ගෙබිම් ආදිය පෙන්වන වාස්තුවිද්‍යාව දැක්වීම. 20. තිථි හෝරාදිය දක්වන නක්ෂත්‍ර විද්‍යාවෙහි යෙදීම. 21. අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගේ ලක්ෂණාදිය විස්තර කර දෙන අඞ්ග විද්‍යාවෙහි යෙදීමය යන මේ 21 ක්‍රමයකින් ප්‍රත්‍යය සෙවීම අනෙසන නම් වේ.
ඉ. සෙවීම, අන්වෙසනය, වැරදි ලෙස ප්‍රත්‍යය සෙවීම. (පි. 74)

Digital Pāḷi Dictionary