අනොතත්ත

anotatta

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. රත් නොවූ; පු. න. අනවතප්ත විල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රත්නොවන ජලය ඇති එනම් විල. හිරු රැසින් නොතැවෙන දිය ඇති හෙයින් අනොතත්ත නම් ලද මේ විල හිමාල වනයෙහි මහ විල් සත අතුරෙන් ප්‍රධාන එකයි, ගැඹුරින් හා පළලින් පනස් යොදුන් වෙයි. පඤ්ච පර්‍වතයන්ගෙන් වටවී තිබේ. එනම්:- ස්වර්‍ණමය සුදර්‍ශන පර්‍වතය, සර්‍වරත්නමය චිත්‍රකූට පර්‍වතය, අඤ්ජනමය කාලකූට පර්‍වතය, මාඤ්ජෙෂ්ටමය ගන්ධමාදන පර්‍වතය, රජතමය කෛලාස කූට පර්‍වතය යන පඤ්ච පර්‍වතයන්ගෙන් වට වී තිබේ. මේ විලෙහි සතර පැත්තේ සිංහ මුඛය, අශ්ව මුඛය, හස්තිමුඛය, වෘෂභ මුඛයයි ජලය නික්මෙන සොරොව් සතරක් වෙත්. පහාරාද සූත අටුවාව බලන්න. (පි. 75)

Digital Pāḷi Dictionary