අභබ්බට්ඨාන
abhabbaṭṭhāna
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. උපදින්නට නොසුදුසු තැන්, එබඳු තැන් දස අටකි. නියත විවරණ ලැබූ ලොවුතුරා බෝසත්හු මේ තත්ත්වයන්හි නූපදිත්. 1. ජාත්යන්ධ වීම. 2. ජාතිබධිර වීම. 3. උමතුවීම. 4. ගොළු බිහිරිවීම. 5. පසල්දනව්හි ඉපදීම. 6. දාසියකගේ කුසෙහි පිළිසඳ ගැන්ම. 7. නියත මිථ්යා දෘෂ්ටික වීම. 8. ලිඞ්ග පරිවර්තනය. 9. පඤ්චානන්තරිය කර්ම කිරීම. 10. වැරදි දෘෂ්ටි ගැනීම. 11. වටුවෙකුට කුඩානොවූද ඇතෙකුට මහත්නොවූද තිරිසනෙකු වීම. 12. අවීචියෙහි ඉපදීම. 13. ලොකාන්තරිකයෙහි ඉපදීම. 14. මාරයෙකු වීම. 15. කාලකඤ්ජක අසුරයෙකු වීම. 16. අසඤ්ඤ සත්තයෙහි ඉපදීම. 17. සුද්ධාවාසයෙහි ඉපදීම. 18. අරූප භවයෙහි ඉපදීම. (පි. 87)
Digital Pāḷi Dictionary
- abhabbaṭṭhāna nt impossibility; that which is not possible [abhabba + ṭhāna]