සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 111

අභබ්බ

ති. අභව්‍ය, අයොග්‍ය, නුසුදුසු, නොවටින.
ති. “න භබ්බාති අභබ්බා” සුදුසු නොවන්නේ අභබ්බ නම් වේ. යමෙක් කර්‍මාවරණයයි කියනලද පඤ්චානන්තරිය කර්‍මයෙන් යුක්තවූවාහුද, ක්ලේශාවරණ යයි කියනලද මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූවාහුද, විපාකාවරණ සංඛ්‍යාත අහේතුක ප්‍රතිසන්ධිවූයෙන් යුත්තවූවාහුද, ශ්‍රද්ධානැත්තාහුද ඡන්දය නැත්තාහුද, ප්‍රඥා විරහිත වූවාහුද, ශ්‍රොතාපත්ති මාර්ගයට පැමිණෙන්නට නොසුදුසු තැනැත්තෝ වූවාහුද යන මේ අය අභබ්බයෝය. “යෙතෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා, කිලෙසාවරණෙන සමන්නාගතා, විපාකාවරණෙන සමන්නාගතා, අස්සද්ධා, අච්ඡන්දිකා, දුප්පඤ්ඤා, අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං ඉමෙ තෙ සත්තා අභබ්බා.” (පි. 87)

අභබ්බට්ඨාන

න. උපදින්නට නොසුදුසු තැන්, එබඳු තැන් දස අටකි. නියත විවරණ ලැබූ ලොවුතුරා බෝසත්හු මේ තත්ත්වයන්හි නූපදිත්. 1. ජාත්‍යන්ධ වීම. 2. ජාතිබධිර වීම. 3. උමතුවීම. 4. ගොළු බිහිරිවීම. 5. පසල්දනව්හි ඉපදීම. 6. දාසියකගේ කුසෙහි පිළිසඳ ගැන්ම. 7. නියත මිථ්‍යා දෘෂ්ටික වීම. 8. ලිඞ්ග පරිවර්‍තනය. 9. පඤ්චානන්තරිය කර්‍ම ‍කිරීම. 10. වැරදි දෘෂ්ටි ගැනීම. 11. වටුවෙකුට කුඩානොවූද ඇතෙකුට මහත්නොවූද තිරිසනෙකු වීම. 12. අවීචියෙහි ඉපදීම. 13. ලොකාන්තරිකයෙහි ඉපදීම. 14. මාරයෙකු වීම. 15. කාලකඤ්ජක අසුරයෙකු වීම. 16. අසඤ්ඤ සත්තයෙහි ඉපදීම. 17. සුද්ධාවාසයෙහි ඉපදීම. 18. අරූප භවයෙහි ඉපදීම. (පි. 87)

අභය

න. බිය නොවීම බබුස්තරණ. ති. බිය නැති. (පි. 87)

අභයා

ඉ. අරළු බිය නැත්තී. (පි. 87)

අභ්‍යුපගම

පු. ගිවිසුම, ඒත්තු ගැනීම. (පි. 86)

අභ්‍යුහන

න. තර්කය මූලික කොට ඇති විමසීම. (පි. 86)

අභාග්‍ය

න. නපුරු දෛවය, දුර්‍භාග්‍යය. (පි. 87)

අභාව

පු. නොවීම, විනාශය, අවිද්‍යමානබව, නොඉපදීම, තර්කශාස්ත්‍රයෙහි දැක්වෙන ප්‍රාගභාව, ප්‍රද්ධවංසාභාව, අත්ත්‍යන්තාභාව, අන්‍යොන්න්‍යාභාව යන චතුර්විධ අභාවය. ද්‍රව්‍යාදි සප්ත පදාර්ත්ථයන්ගෙන් සත්වැනිවූ අභාවය. (පි. 87)

අභාවිත

ති. නොවඩනාලද, නැවත නැවත පුරුදු නොකළ. (පි. 87)

අභාසන

න. කථා නොකිරීම, නොබිණීම, තුෂ්ණීම්භාවය. (පි. 87)

අභාසිත

ති. නොකියනලද, නොබිණූ, නොකී. (පි. 87)

අභි

√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි. අම්භති, ශබ්ද කෙරෙයි.
අ. අභිමුඛ, විශිෂ්ටාර්ථ, ඌර්‍ධවක්‍රියා, සාරුප්‍ය, පරච්ඡෙද, වාද්ධි, පූජා, අධික, කුල, අසත්‍ය, ලක්ෂන යනාදියෙහි. (පි. 87)

අභිකඞ්ඛති

ක්‍රි. (අභි+කඞ්ඛ. √ භු. ඉච්ඡායං කැමැත්තෙහි +ති) කැමති වෙයි, රුචි කෙරෙයි, ආශා කෙරෙයි. (පි. 88)

අභිකඞ්ඛනතා

ඉ. කැමැති වීම, රුචි වීම. (පි. 88)

අභිකඞ්ඛිත

ති. කැමති වන ලද, රුචි කරන ලද. (පි. 88)

අභිකඞ්ඛී

ති. කැමතිවන, රුචි කරන. (පි. 88)

අභිකති

ඉ. අභිකෘති ඡන්දස, පස්විසි අකුරකින් පරිමිත ඡන්දස. (පි. 88)

අභික්කන්ත

ති. සුන්දර, විශිෂ්ට, අභිමුඛව ගිය, ඉක්ම ගිය. (පි. 87)

අභික්කම

ති. අභිමුඛයට යාම, ඉදිරියටයාම. (පි. 87)

අභික්ඛණං

අ. නිතොර, නිතර, නැවත නැවත. (පි. 87)

අභික්ඛණති

ක්‍රි. (අභි+ඛණු √ භු. අවදාරණෙ, සැරීමෙහි +ති) සාරයි, හාරයි. (පි. 88)

අභික්ඛණන

න. සෑරීම, කැණීම. (පි. 88)

අභික්ඛ්‍යා

ඉ. නාමය. ශොභාව. (පි. 88)

අභිකිණ්ණ

ති. ආකීර්‍ණ, ගැවසී ගත්, සමූහයකින් වටකර ගත්. (පි. 88)