සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 112

අභිකිරති

ක්‍රි. (අභි+කිර √ තු විකිරණෙ, විසිරවීමෙහි +ති) විසුරුවයි, ඉසියි, පතුරුවයි. (පි. 88)

අභිකීළති

ක්‍රි. (අභි+කිළ. √ භු. කීළායං, ක්‍රීඩාවෙහි +ති) මහත් කොට ක්‍රීඩා කෙරෙයි. කෙළියි. (පි. 88)

අභිකුජන

න. නාද කිරීම, ශබ්ද කිරීම. (පි. 88)

අභිකුජිත

ති. නාද කළ, ශබ්ද කළ. (පි. 88)

අභිගජ්ජන

න. ගර්‍ජනා කිරීම, ගෙරවීම. (පි. 88)

අභිගජ්ජිත

ති. ගර්‍ජනා කළ, ගොරවනලද. (පි. 88)

අභිගමනීය

ති. එළවියයුතු, පැමිණියයුතු. (පි. 88)

අභිගිජ්ඣති

ක්‍රි. (අභි+ගිධු. √ දි. ගෙධෙ, ගිජුවීමෙහි +ති) ගිඩුවෙයි. ලොල් වෙයි. (පි. 88)

අභිගිජ්ඣන

න. ගිජු වීම, ලොල් වීම, ආසාවීම. (පි. 88)

අභිගීත

ති. ගායනා කළ, ගීතිකා කළ. (පි. 88)

අභිඝාත

පු. නැසීම, ගැටීම. (පි. 88)

අභිඝාතන

න. නැසීම මැරීම, පැඟීම. (පි. 88)

අභිඝාති

පු. සතුරා, විරුද්ධකාරයා. (පි. 88)

අභිඝුට්ඨ

ති. ඝොෂා කළ, නාද කළ. (පි. 88)

අභිච්ඡන්ත

පු. ප්‍රතිච්ඡන්න, වැසුනු. (පි. 88)

අභිචෙතෙති

ක්‍රි. (අභි+චිත √ චු. සඤ්චෙතනෙ, සිතීමෙහි +ණෙ+ති) සිතයි. චින්තනය කරයි. (පි. 88)

අභිජන

පු. වංශය, ජාතිය, භූමිය, ජන්මභූමිය. (පි. 88)

අභිජනෙති

ක්‍රි. (අභි+ජන. √ දි. ජනනෙ, ඉපදීමෙහි +ති) උපදවයි, පහළ කෙරෙයි. (පි. 88)

අභිජප්පති

ක්‍රි. (අභි+ජප්ප √ භු. වාචෙ, කීමෙහි +ති) කථා කරයි, ඉල්වයි. (පි. 88)

අභිජප්පන

න. පැතීම, ඉල්ලීම, කැමැති වීම, කථා කිරීම. (පි. 88)

අභිජලති

ක්‍රි. (අභි+ජල. √ භු. දිත්තියං, දිලිසීමෙහි +ති) දිලිසෙයි. බබලයි. (පි. 88)

අභිජවති

ක්‍රි. (අභි+ජු. √ භු. ගතියං, ශීඝ්‍ර ගමනයෙහි +ති) දුවයි. (පි. 88)

අභිජ්ඣමාන

ති. අභිධ්‍යා කරන. (පි. 88)

අභිජ්ඣා

ඉ. අභිධ්‍යාව, විෂමලෝභය, තෘෂ්ණාව අභිජ්ඣායතීති=අභිජ්ඣා. අනුන්ගේ වස්තුව කෙරෙහි පවත්නා තෘෂ්ණාව. (පි. 88)