සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 110
අබ්භොකාස
පු. (අභි+අව+කස. √ භු. විලෙඛනෙ, ඉරි ඇඳීමෙහි) අභ්යවකාශය, නොවැසුනු ස්ථානය, එළිමහන්තැන. (පි. 86)
අබ්භොකාසික
ති. (අභි=අබ්භ+ඔකාස+ඉක) අභ්යවකාශයෙන් යුත්, ආවරණ රහිත ස්ථානයෙහි වූ, එනම් අඞ්ගය රකින. (පි. 86)
අබ්භොකාසිකඞ්ග
න. (අභි=අබ්භ+ඔකාස+ඉක+අඞ්ග) පියසි ආදියකින් ආවරණයක් නැති එළිමහන්තැනක විසීමෙන් පුරණ ධුතාඞ්ගයක්. (පි. 86)
අබ්භොකිණ්ණ
ති. ගැවසී ගත්, සමූහයාගෙන් ආකුල වූ. (පි. 86)
අබ්භොකිරති
ක්රි. (අභි+උ+කිර. √ තු. විකිරණෙ, විසිරීමෙහි +ති) පැතිරෙයි, විසුරුවයි. (පි. 86)
අබ්යත්ති
ඉ. නොපැහැදිලි බව, ලක්ෂ්යයාගේ එක දේශයෙක්හි ලක්ෂණය නොපවත්නා බව. (පි. 86)
අබ්යය
න. නිපාත උපසර්ග, ක්ෂය නොවන්නේ අබ්යය නම් වේ. චාදිනිපාතයන්ගේ අනෙකත්වය හා අනෙකාර්ථත්වයද නිසා ක්ෂය භාවයට නොපැමිණෙන බැවින් මොවුහු අබ්යය නම් වේ. (පි. 86)
අබ්යවධාන
ති. අතරක් නැති, ව්යවධානයක් නැති. (පි. 86)
අබ්යාපජ්ජන
න. නොකිපෙන බව. (පි. 86)
අබ්යාපජ්ඣ
ති. (අ+ව්යාපජ්ඣ) ව්යාබාධ රහිත, පීඩා රහිත. (පි. 86)
අබ්යාපාද
පු. ව්යාපාද රහිත. ‘ව්යාපාද’ බලනු. (පි. 86)
අබ්යාපාරණය
පු. වෙෂ්ටා රහිත භාවය පිළිබඳ ක්රමය, ප්රත්යයන්ගෙන් නිපන් ධර්මයන්ගේ ස්ව වශයෙන් නොපවත්නා බව පිළිබඳ නීතිය. (පි. 86)
අබ්යාසෙක
ති. නෙත්සිත් පිනවන. වැගිරීමක් නැති. (පි. 86)
අබ්යාසෙකසුඛ
ති. කෙලෙසුන්ගෙන් අමිශ්ර පිරිසිදු අධිචිත්ත සැපය නිකෙලෙස් සැපය. (පි. 86)
අබ්යොසිත
ති. නොපැමිණි නිෂ්ඨා ඇති, නොනිමවූ “අබ්යොසිතත්තා හි භවාභවෙසු, පාපානි කම්මානි කරොති මොහා” (ථෙරගාථා-රට්ඨපාලත්ථෙර වත්ථු.) (පි. 86)
අබ්රහ්ම
න. (අ=න+බ්රහ්ම) අශ්රේෂ්ඨ, උතුම් නොවන. (පි. 84)
අබ්රහ්මචරිය
න. අශ්රේෂ්ඨ හැසිරීම, බඹසරට විරුද්ධ හැසිරීම. (පි. 84)
අබ්රහ්මචරියා
ඉ. පහත් හැසිරීම, උතුම් නොවන හැසිරීම, අබ්රහ්මචරියන්ති අසෙට්ඨචරියං ද්වයංද්වයසමාපත්තිය, මෙවුම්දම් සේවනය, යන නම් වලින්ද මෙය හඳුන්වනු ලැබේ. සමුට්ඨාන වශයෙන් කාය චිත්ත සමුට්ඨානය ද, වෙදනා වශයෙන් සුඛ හා උපෙක්ෂා වෙදනාව ද, මූල වශයෙන් ලොභය හා ද්වෙෂය ද, කර්මයන්ගේ වශයෙන් කාය කර්මය ද මේ සඳහා උපයොගී වන්නේය.
අබ්රහ්මචරියං පරිවජ්ජයෙය්ය -
අඞ්ගාරකාසුං ජලිතංච විඤ්ඤු,
අසම්භූනන්තො පන බ්රහ්මචරියං -
පරස්සදාරං නාතික්කමෙය්ය. (පි. 84)
අබ්රහ්මඤ්ඤ
ති. බ්රාහ්මණයන්ට හිත නොවන. බ්රාහ්මණයන් කෙරෙහි මිථ්යාවශයෙන් පිළිපදින. (පි. 84)
අබාධ
ති. නිරවුල්, අනාකුල, අවිඝ්න. (පි. 87)
අබි
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, අම්බති, ශබ්ද කෙරෙයි. (පි. 87)
අබීජ
න. ඇට නැති ගෙඩි, නොපැසුණුගෙඩි. (පි. 87)
අබුධ
පු. අපණ්ඩිතයා. (පි. 87)
අභ
පු. නො වීම, හට නොගැන්ම, නොඉපදීම. (පි. 87)