සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 109
අබ්භුට්ඨාති
ක්රි. (අභි+උ+ඨා √ භු. ගතිතිවුත්තියං, ගමන් නැවැත්මෙහි +ති) නැගී සිටියි, කුසීතභාවයෙන් හෝ නින්දෙන් නැගී සිටියි. (පි. 85)
අබ්භුට්ඨාන
න. නැගී සිටීම, කෙළින් සිටීම, කම්මැලිගතියෙන් තොරව විසීම. (පි. 85)
අබ්භුණ්හ
පු. (අභි+උණ්හ) ඉතා උණුසුම. අධික උෂ්ණය. (පි. 85)
අබ්භුත
න. ආශ්චර්ය්යය. පරදූ තැබීම, ඔට්ටු ඇල්ලීම, අබ්භුත නම් නාට්යරසය. එනම් ධර්මය. (පි. 85)
අබ්භුතධම්ම
පු. ආශ්චර්ය්ය කරුණු ප්රකාශ කරන නවාඞ්ගශාස්තෘ ශාසනයට අයත් එනම් ධර්මාඞ්ගය. (පි. 85)
අබ්භුද්ධුනාති
ක්රි. (අභි+උ+ධු. √ කි. කම්පනෙ, සැලීමෙහි +ති) වෙසෙසින් කම්පා කෙරෙයි. (පි. 85)
අබ්භුදාහරණ
න. උදාහරණ දැක්වීම, සාධක දැක්වීම. (පි. 85)
අබ්භුදාහරති
ක්රි. (අභි+උදාහරති) උදාහරණ කෙරෙයි නිදසුන් දක්වයි. (පි. 85)
අබ්භුදීරෙති
ක්රි. (අභි+උ+ඊර. √ භු. වාචායං, කීමෙහි +ති) මහත් කොට ශබ්ද කෙරෙයි, ඝොෂණය කෙරෙයි, උසස් කොට කියයි. (පි. 85)
අබ්භුදෙති
ක්රි. (අභි+උදෙති) පහළ වෙයි, උපදියි. උදාවෙයි. (පි. 86)
අබ්භුන්නත
ති. (අභි+උන්නත) හරිකෙළින් පිහිටි, නොනැමෙන, නොනැමී, උඩුකුරුවු, ඉතා උස්වූ. (පි. 86)
අබ්භුන්නදති
ක්රි. (අභි+උ+තද √ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) උසස් කොට නාද කරයි, මහත් කොට ශබ්ද කරයි. (පි. 86)
අබ්භුන්නදන
න. මහත් කොට නාද කිරීම. (පි. 86)
අබ්භුන්නමති
ක්රි. (අභි+උ+නම. √ භු. නමනෙ, නැමීමෙහි +ති) ඉහළට නමයි, ඉහළට උස්සයි. (පි. 86)
අබ්භුන්නමන
න. නැමීම, ඉහළට එසවීම. (පි. 86)
අබ්භුය්යාත
ති. විරුද්ධව ගිය, විරුද්ධව යුදට ගිය. (පි. 86)
අබ්භුය්යාති
ක්රි. (අභි+උය්යාති) විරුද්ධව යෙයි. (පි. 86)
අබ්භුස්සක්කති
ක්රි. (අභි+උ+සු+කා. √ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) උත්සාහ කරයි. අධිකවීර්ය්ය කෙරෙයි. (පි. 86)
අබ්භුස්සහන
න. ප්රොත්සාහය, අධිකවීර්ය්යය, දැඩි වීර්ය්යය. (පි. 86)
අබ්භුස්සුක්කන
න. අධිකවීර්ය්ය කිරීම, උත්සාහ කිරීම. (පි. 86)
අබ්භුස්සෙති
ක්රි. (අභි+උ+සි √ භු. සයෙ, සයනය කිරීමෙහි +ති) නැගී සිටියි. කෙළින් සිටියි. (පි. 86)
අබ්භුසූයක
පු. (අභි+උසූයක) දොස් පහළ කරන්නා, ඉතා ඊර්ෂ්යා කරන්නා. (පි. 86)
අබ්භූක්කිරණ
න. (අභි+උ+කිරණ) වැගිරීම. ඉසීම. (පි. 85)
අබ්භෙති
ක්රි. (අභි+ඉ. √ භු. ගතියං, යාමෙහි +ති) ඇතුළත් කෙරෙයි. සාපත්තික භික්ෂුවක් ඊට පිළියම් කර විනය නය පරිදි නැවත සඞ්ඝයාට ඇතුළත් කරගනියි. (පි. 86)