සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 108

අබ්භතික්කන්ත

පු. (අභි+අතික්කන්ත) ඉකුත්ව ගිය, පසුවී ගිය. (පි. 85)

අබ්භතීත

ති. ඉකුත්ව ගිය, පසුකළ. (පි. 85)

අබ්භන්තර

පු. අභ්‍යන්තරය, ඇතුළත, අබතුර, අටවිසිරියන. (පි. 85)

අබ්භන්තරික

ති. ඇතුළත පිහිටි, ඇතුළට අයත්. (පි. 85)

අබ්භන්තරිම

ති. ඇතුළත පිහිටි, ඇතුළට අයත්. (පි. 85)

අබ්භනුඤ්ඤා

ඉ. අනුදැන්ම. (පි. 85)

අබ්භනුමොදනා

ඉ. අනුමෝදන්වීම. (පි. 85)

අබ්භ්‍යාස

න. සමීපය, පුරුද්ද. (පි. 86)

අබ්භාකුටික

පු. නොහකුළුවන, වකුටුනොකළ. (පි. 85)

අබ්භාගත

ති. ඉදිරියට පැමිණි, පැමිණි. ආගන්තුක. (පි. 85)

අබ්භාගමන

න. (අභි+ආ+ගමන) අභිමුඛ ගමන, ඉදිරියට යාම. (පි. 85)

අබ්භාඝාත

පු. (අභි+ආ+ඝාත) ආඝාතය, වෙසෙසින් නැසීම, වෛර බැඳීම. (පි. 85)

අබ්භාන

න. ඇතුළත්කර ගැනීම, එනම් ශාසනික විනයකර්මය. තෙළෙස් සඟ වෙසෙස් අතුරෙන් එකකට පැමිණි භික්ෂුව වත්මානත් පුරා අබ්භාහන කර්මය කළ යුතුයි. “අභිඑතබ්බො සම්පටිච්ඡි තබ්බො අබ්භාන කම්ම වසෙන ඔසාරෙතබ්බොති වුත්තං හොති” (පි. 85)

අබ්භාවික්ඛති

ක්‍රි. ආභි+ආ+වික්ඛ. √ භු. වාචායං, කීමෙහි +ති) අභ්‍යාඛ්‍යානය කෙරෙයි, දොස් පහළ කෙරෙයි. (පි. 85)

අබ්භාවික්ඛන

න. අභ්‍යාක්ඛ්‍යානය, දොස් පහළකිරීම. (පි. 85)

අබ්භාස

පු. ව්‍යාකරණයෙහි ද්විත්වය පිළිබඳ පූර්‍ව ව්‍යඤ්ජනයට කළ සංඥාව. (පි. 85)

අබ්භාහත

ති. (අභි+ආ+හත) නසනලද, ගසනලද, සංයුක්ත, එකට යෙදුනු. (පි. 85)

අබ්භාහනන

න. නැසීම. (පි. 85)

අබ්භිත

ති. අබ්භාන කරනලද, ඇතුළත් කරගන්නාලද. (පි. 85)

අබ්භුක්කීරති

ක්‍රි. (අභි+උ+කිර √ තු. විකිරණෙ, වැගිරීමෙහි +ති) වගුරුවයි, ඉසියි. (පි. 85)

අබ්භුග්ගච්ඡති

ක්‍රි. (අභි+උ+ගච්ඡති) උස්ව නගියි, උස්ව පහළ වෙයි, උස්ව පැන නගියි. (පි. 85)

අබ්භුග්ගත

ති. නැගි, උසස්ව පැනනැගි, පහළ වූ. (පි. 85)

අබ්භුජ්ජලති

ක්‍රි. (අභි+උ+ජල √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) ඉතා බබලයි. දිලිසෙයි. (පි. 85)

අබ්භුජ්ජලන

න. (අභි+උ+ජලන) දිලිසීම, බැබලීම, ප්‍රභාවත් වීම, මන්ත්‍ර පිරුවා මුඛයෙන් ගිනිදැල් පිට කිරීම, මුඛයෙන් ගිනිදැල් පිට කිරීම. (පි. 85)