සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 107

අබ්බ

√ භු. ගමනෙ, යාමෙහි, අබ්බති, යෙයි, ගමන් කෙරෙයි.
√ භු. පීළායං, පෙළීමෙහි, අබ්බති, පෙළයි.
√ භු. ගුම්බනෙ, ගෙතීමෙහි, මුවහ කිරීමෙහි අබ්බති, ගොතයි, මුවහ කරයි.
පු. අශ්වයා. (පි. 84)

අබ්බණ

ති. (අ+වණ)ව්‍රණ රහිත, වණ නැති, තුවාල නැති. (පි. 84)

අබ්බත

ති. (අ=න+වත) ව්‍රතයක් නැති, “අබ්බතො අලිකං භණං” (පි. 84)

අබ්බති

ක්‍රි. අබ්බ √ භු. හිංසායං, පෙළීමෙහි +ති) පෙළයි, හිංසා කෙරෙයි. (පි. 84)

අබ්බය

පු. (අ=න+වය) අව්‍යය. ති. වැය නැති. (පි. 84)

අබ්බහති

ක්‍රි. (ආ+වහ. √ භු. පාපනෙ, පැමිණීමෙහි, ව=බ+ති)පිටත දමයි, ඉවත දමයි. (පි. 84)

අබ්බහන

න. ඉදිරීම, උද්ධරණය කිරීම, ඉදිරියට ඇදීම. (පි. 84)

අබ්බුද

පු. එනම් ගණන, බින්දු සියක්ලක්ෂය, අඞ්ක 56 කින් යුත් සඞ්ඛ්‍යාව, විනාශකරුණ, අර්බුදනම් රොගය, පිළිකාව, සොරකම, උපද්‍රවය, පිළිසිඳගත් සත්ත්වයාගේ කලලාවස්ථාවෙන් සතියකට පසු මස් සේදූ දියත්තක් බඳු අවස්ථාවට පැමිණි සත්ත්වයා. (පි. 84)

අබ්බූළ්හ

ති. උද්ධරණය කළ, උදුරණලද. (පි. 84)

අබ්බූළ්හෙසික

ති. (අබ්බූළ්හ+එසික) උදුරණ ලද එසිකාස්ථම්භ ඇති, උදුළ තෘෂ්ණාමූලය ඇති. (පි. 84)

අබ්බොකිණ්ණ

ති. අසම්මිශ්‍ර, අනාකීර්ණ්ණ (පි. 84)

අබ්බොකිරණ

න. විසිරවීම, ඉසීම, වැක්කිරීම. (පි. 86)

අබ්බොච්ඡින්න

ති. නොසිඳිනලද, නොකැඩී පවත්නා. එකාබද්ධව පවත්නා, එකට බැඳී පවතින. (පි. 84)

අබ්බොහාරික

ති. අප්‍රකට, අප්‍රසිද්ධ, ව්‍යවහාරයට නොපැමිණි. (පි. 84)

අබ්භ

√ භු. ගතියං, යාමෙහි, අබ්හති, යෙයි.
පු. පාෂාණය, ගල, කුඩාගල. න. අහස. ති. මෙඝය. (පි. 84)

අබ්භක

න. මීරන්.
පු. බාලය, ලදරුවා, පැටියා. (පි. 84)

අබ්භක්ඛාති

ක්‍රි. (අභි+ආ+‍ඛා. √ භු. පකථනෙ, කීමෙහි +ති) අභ්‍යාඛ්‍යානය කරයි. දොස් පහළකරයි. (පි. 84)

අබ්භක්ඛාන

න(අභි+අක්ඛාන) අභුතයෙන් නින්දා කිරීම. (පි. 84)

අබ්භකුට

න. මෙඝකූටය, වලාකුළ. (පි. 84)

අබ්භඤ්ජති

ක්‍රි. (අභි+අඤ්ජ. √ භු. අඤ්ජනෙ, අනුලෙපයෙහි අභි=අබ්භ+ති) ගල්වයි. (පි. 84)

අබ්භඤ්ජන

න. (අභි+අඤ්ජන) ගැල්වීම, ආලේපය. (පි. 84)

අබ්භඤ්ජනක

පු. ආලේප කරන්නා, ගල් වන්නා. (පි. 84)

අබ්භත්ථ

පු. අස්තය, පෑළදිග. (පි. 85)

අබ්භති

ක්‍රි. (අබ්භ. √ භු. ගතියං, යාමෙහි +ති) යෙයි. (පි. 84)