ඇන ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පහර දෙනවා; තමන්ට ම පහර දී ගන්නවා; ශස්ත්‍රාදියෙන් ඇන සිදුරු කරනවා නොහොත් තමන් ම සිදුරු කර ගන්නවා.
2. ක්‍රි. කටු උල් ආදියෙන් ඇනුම් ලබනවා.
3. ක්‍රි. (ගව මහීෂාදින්) හිසින් හෝ අඟින් හෝ එකිනෙකා ඇන ගන්නවා.
4. (කථා.) ක්‍රි. යම් කාර්යයක් අසාර්ථක බවට පත් කර ගන්නවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පහර දෙනවා; එකිනෙකා හිසින්, අඟින්, දළින්, උල් ආයුධ ආදියෙන් පහර දී ගන්නවා