උකටලී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (අපේක්ෂා භංගවීමෙන්) කළකිරුණු; විරහ වේදනාවෙන් පෙළුණු; මැළි; උදාසීන වූ; අධෛර්යවත්; කලකිරුණු.
1. නා.ප්‍ර. කලකිරීම; උත්කණ්ඨාව; අතෘප්තිය; අසතුට.
2. නා.ප්‍ර. අලසකම; උදාසීනත්වය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කලකිරුනු; උදාසීන වූ (සං. උත්කණ්ඨ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. disgusted
2. a. dissatisfied
3. Psy. listless
4. Aes. melancholy
5. a. wistful