අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 50
ඊක්ෂණය
නා. බැලීම; බැල්ම (සං. ඊක්ෂණ)
ඊතණ
නා.ප්ර. තෘණ විශේෂයක්
ඊතලය
නා. දුන්නෙහි තබා විදින කොටස; ශරය; හීය
ඊදිස
වි. මෙවැනි; මෙබඳු (පා. ඊදිස)
ඊනියා
වි. එවැනි වූ; එසේ යැයි පිළිගනු ලබන
ඊප්සාව
නා. යමක් ලබා ගැනීමේ කැමැත්ත; ආශාව (සං. ඊප්සා)
ඊප්සිතාර්ථය
නා. අපේක්ෂිත කරුණ; පැතු දෙය
ඊර්ෂ්යාව
නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන බව (සං. ඊර්ෂ්යා)
ඊල
නා. ඔංචිල්ලාව/ දෝලාව; පල්ලැක්කිය/ සෑදලය
ඊශ
නා.ප්ර. ස්වාමියා/ ඊශ්වර දෙවිඳු/ අද නැකත (සං. ඊශ)
ඊශ්වර
නා.ප්ර. ප්රධානයා; අධිපතියා/ ඊශ්වර දෙවිඳු (සං. ඊශ්වර)
ඊශ්රායලය
නා. අරාබි අර්ධද්වීපයේ පිහිටි රටක් (ඉං. පුර්. Israel)
ඊශාන
1. නා.ප්ර. ශිව හෝ රුද්ර දෙවි 2. උතුර හා නැගෙනහිර අතර වන අනුදිශාව (සං. ඊශාන පා. ඊසාන)
ඊෂත්ස්පෘෂ්ට
වි. ශබ්ද නිපදවන ඉන්ද්රියයන් මඳක් ස්පර්ශ වී උච්චාරණය වූ (සං. ඊෂත්සපෘෂ්ට)
ඊෂද්විවෘත
වි. ශබ්ද නිපදවන ඉන්ද්රියයන් මඳක් විවෘත වී උච්චාරණය වූ (සං. ඊෂද්විවෘත)
ඊෂාව
නා. අක්ෂ දණ්ඩ (සං. ඊෂා)
ඊසධර
නා.ප්ර. සත්කුළුපව් අතරින් එකක් (පා. ඊසධර)
ඊසාන
නා.ප්ර. ඊශාන
ඊසොප්
නා.ප්ර. ග්රීක උපමා කතාවල නිර්මාපකයා
ඊළඟ
වි. ඒ ආසන්න; ඊට පසු
ඊළම්
නා.ප්ර. ශ්රී ලංකාව දෙමළ බසින් හැඳින්වූ නාමයක් (දෙ. ஈழம் පා. සීහළ)
උංචිල්ලාව
නා. විනෝදය උදෙසා පැදිය හැකි සේ තනාගත් ක්රීඩා උපකරණයක්; ඕවිල්ල (දෙ. உஞ்சல்ஊஞ்சல்)
උකටලී
වි. කලකිරුනු; උදාසීන වූ (සං. උත්කණ්ඨ)
උකස
නා. ඇපයට තබන දෙය; ඔඩපනය/ යමක හිමිකම අන් අයකු වෙත පැවරීම