අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 51

උක් පැණි

නා.ප්‍ර. උක් දණ්ඩේ යුෂ

උක්කුටිකය

නා. ඉඳ ගැනීමේ ක්‍රමයක්; එක් විළුඹක් මඳක් ඔසවා කළවා කෙණ්ඩා මත තබා වැළමිටි දණහිස් මත තබා ඉඳ ගැනීම (සං. උත්කුටික පා. උක්කුටික)

උක්කෝටනය

නා. හිමි අහිමිකම් වෙනස් කිරීමට ගන්නා අල්ලස/ දෝෂාරෝපණය/ වරක් විසඳූ විනය කර්මයක් නැවත විසඳීම (පා. උක්කොටන)

උක්ඛේපනීය කර්මය

නා. වරදක් කළ භික්ෂුවක් සමඟි සංඝයාගෙන් වෙන් කිරීමට කරන විනය කර්මය (පා. උක්ඛෙපනීයකම්ම)

උක්ත කර්තෘ

නා. ආඛ්‍යාතයෙන් කියැවෙන කර්තෘ පදය

උක්තය

නා. කියන ලද දෙය; ප්‍රකාශිත දෙය; මාතෘකා කළ කරුණ/ වාක්‍යයක ආඛ්‍යාතයෙන් කියැවෙන කර්තෘ (සං. උක්ත)

උක්තාඛ්‍යාතය

නා. උක්තය හා ආඛ්‍යාතය

උක්දඬු දුන්න

නා. අනංගයා අත ඇතැයි සැලකෙන උක්දඬුවලින් නිර්මිත දුන්න

උකුණා

නා. හිසෙහි බෝ වන කුඩා ජීවියෙක් (සං. උත්කුණ)

උකුණුවළ

නා. හිසෙහි පිටුපස බෙල්ලට ඉහළින් ඇති මෘදු ස්ථානය

උකුනුගහ

නා. කමතෙහි ගොයම් අවුස්සන උපකරණය; දැතිගොයියාව

උකුළ

නා. පාදයෙහි ඉහළ කොටස; ඇකය; ශ්‍රෝණිය (සං. උත්කට)

උකුළු ඇටය

නා. උකුළෙහි ඇති කපාලාකාර අස්ථිය; ශ්‍රෝණි ඵලකය

උගුරුදණ්ඩ

නා. ශ්වාසනාලය

උගුළ

නා. සතුන් ඇල්ලීම සඳහා අටවන හබක (සං. උදඝාටක පා. උග්ගළ)

උගුළනවා

ක්‍රි. උදුරනවා; ගලවනවා (පා. උග්ඝාටෙති සං. උදඝාටයති)

උගුළු අටවනවා

ක්‍රි. සතකු අල්ලා ගැනීමට උගුළක් සකසනවා/ ‍කෙනකු අපහසුවට පත් කිරීමට උපාය යොදනවා

උගුළු මල

නා. උගුළකට සම්බන්ධ කොට තබන මලපුඩුව හෙවත් තොණ්ඩුව

උච්ච

වි. උස්; උසස්; ඉහළ (පා. සං. උච්ච)

උච්ච ක්ෂේත්‍රය

නා. ජ්‍යෝතිෂයේ මේෂාදි රාශිවල ග්‍රහයන් උච්චව පිහිටීම (සං. උච්චක්‍ෂෙත්‍ර)

උච්චත්වමානය

නා. වායු පීඩනය අනුව උස මනින ඇල්ටිමීටරය

උච්චර්මය

නා. උඩ හම; මතු පිටින් ඇති හම (සං. උච්චර්ම)

උච්චස්ථානය

නා. මුදුන; ඉහළ තැන (සං. උච්චස්ථාන)

උච්චාගය

නා. මී මැසි පෙට්ටියක උඩින් ම පිහිටි වද කිහිපයක් සහිත තට්ටුව