අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 52
උච්චාටනය
නා. මන්ත්රානුසාරයෙන් සතුරන් රටින් පලවා හැරීම; සූසැට කලා අතරින් එකක් (සං. උච්චාටන)
උච්චායම
නා. බොරු උසස්කම් දැක්වීම; පාරට්ටුව; කයිවාරුව (දෙ. உச்சாயம்)
උච්චාරණය
නා. අකුරු ශබ්ද කිරීම; නිසි හඬ දැක්වීම (සං. උච්චාරණ)
උච්චාරණේන්ද්රිය
නා.ප්ර. ශබ්ද ඇති කිරීමට උපකාරී වන අවයවය (සං. උච්චාරණ+ඉන්ද්රිය)
උච්චාරපස්සාව
නා.ප්ර. මලමූත්ර (පා. උච්චාරපසසාව)
උච්චාලනය
නා. අධිකරණයේ විසඳූ ප්රශ්නයක් නැවත මතු කිරීම (පා. සං. උච්චාලන)
උච්චාවචනය
නා. නැඟීම හා බැසීම; වැඩි අඩු වීම; වෙනස්වීම (සං. උච්චාවචන)
උච්චාසන
නා.ප්ර. අඟල් 18 ක් හෙවත් වඩු රියනට වඩා උස් අසුන (පා. උච්චාසන)
උච්ඡාදනය
නා. කුණු ඉවත් කිරීම සඳහා ශරීරය ඇතිල්ලීම (පා. උච්ඡාදන)
උච්ඡින්න
වි. සිඳුණු; සුන් වූ (පා. සං. උච්ඡින්න)
උච්ඡිෂ්ට
වි. ඉතිරි; ශේෂ වූ (සං. උච්ඡිෂ්ට)
උච්ඡේදදෘෂ්ටිය
නා. මරණින් මතු උපතක් නැතැයි යන විශ්වාසය (පා. උච්ඡෙදදිට්ඨි)
උච්ඡේදය
නා. මුලින් කපා දැමීම; සහමුලින් ඉවත් කිරීම (පා. උච්ඡෙද)
උචිතානුචිත
වි. සුදුසු නුසුදුසු; යෝග්ය අයෝග්ය
උජ්ජලනය
නා. බැබළීම; දැල්වීම (පා. උජ්ජලන)
උජ්ජ්වලන
වි. වඩා බබළන; අධික දීප්තියක් ඇති (සං. උජ්ජවලන)
උජ්ජ්වලිත
වි. ආලෝකවත් වූ; බබළන (සං. උජ්ජවලිත)
උජ්ජෝත
වි. දීප්තිමත්; බබළන (පා. උජ්ජොත)
උජු
වි. නොවක්; ඍජු (පා. උජු)
උජුපටිපන්න
වි. ඍජු වූ ආර්ය මාර්ගයට පිළිපන් (පා. උජුපටිපන්න)
උට්ඨාන වීර්යය
නා. නැඟී සිටින හෙවත් නොපසුබස්නා උත්සාහය; අප්රතිහත ධෛර්යය (පා. උට්ඨාන + සං. වීර්යය)
උට්ඨානගාමිනී
වි. සුදුසු පිළිවෙත් පිරීමෙන් වීර්යය වර්ධනය කරන (පා. උට්ඨානගාමිනී)
උට්ඨානය
නා. නැඟී සිටීම; උත්සාහය/ ඇවැත් දොස් ආදියෙන් නිදහස් වීම (පා. උට්ඨාන)
උට්ඨාපනය
නා. නඟාසිටුවීම; නැඟිටුවීම (පා. උට්ඨාපන)
උඩ මළුව
නා. ශ්රී මහා බෝධිය පිහිටි උස් භූමිය/ ස්තූපයක් වටා පිහිටි ඉහළ මට්ටමේ අංගණය