අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 49
ඉස්කඩදෝලිය
නා. මනමාලයාගේ ගෙදරට මනමාලියගේ ඇඳුම් ගෙන යන පෙට්ටිය (පුර්. escritorio)
ඉස්කබල
නා. හිස් කබල; කපාලය
ඉස්කාගාරය
නා. මත්පැන් නිපදවන ස්ථානය (ල. stokerij)
ඉස්කෝලය
නා. පාසැල (පුර්. escola)
ඉස්තරම්
වි. ඉතා උසස් වූ; බොහෝ වටිනා
ඉස්තාලය
නා. අසුන් බඳින ස්ථානය; අස්හල (පුර්. estalla)
ඉස්තෝප්පුව
නා. ගෙයි පිළ; ආලින්දය (ල. stoep)
ඉස්පාසුව
නා. ඉඩ; අවකාශය (පුර්. espaco)
ඉස්පිරිතාලය
නා. ආරෝග්‍ය ශාලාව (ල. espertal)
ඉස්ලාම්
වි. මුස්ලිම් ආගමට අයත් (අරා. ඉස්ලාම්)
ඉසිලීම
නා. දරා සිටීම; උසුලා සිටීම
ඉසුඹුලනවා
ක්‍රි. විශ්‍රාම ගන්නවා; විඩා සංසිඳුවා ගන්නවා
ඉසුරුමුණිය
නා. එනම් විහාරය (පා. ඉසසරසමණක)
ඉහමොළ
නා.ප්‍ර. හිස්කබල යට පිහිටි මොළය
ඉහලනවා
ක්‍රි. හිස පලඳිනවා/හිසට ඉහළින් අල්ලනවා
ඉහළ
වි. උඩින් පිහිටි; උඩ/ උසස්; අගනා
ඉළ
නා.ප්‍ර. අශ්ව කෙඳි නා. අරඹ/ සමූහය; රාශිය වි. තරුණ; කුඩා (දෙ. இள)
ඉළන්දාරියා
නා. තරුණයා; යෞවනයා (දෙ. இளந்தாரி)
ඉළනාග
නා.ප්‍ර. සිංහල රජකුගේ නාමය
ඉළව්ව
නා. මරණය; අවමඟුල/ කරදර හිරිහැර සහිත දෙය (දෙ. இழவு)
ඉළීම
නා. තදින් ඇතිල්ලීම; පිරිමැදීම
ඉළු
1. නා.ප්‍ර. වනය; අරඹ/ සමූහය (දෙ. இழை) 2. තරුව (පා. උළු සං. උඩු) 3. මුව විශේෂයක් (පා. සං. එණි)
ඉළුක්
නා.ප්‍ර. තරමක් විශාල ව වැවෙන තෘණ විශේෂයක්
ඉළුක්කෝලය
නා. හෙල්ල; තෝමරය (දෙ. இமு+கோல்)