සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 288

උකටලී

වි. (අපේක්ෂා භංගවීමෙන්) කළකිරුණු; විරහ වේදනාවෙන් පෙළුණු; මැළි; උදාසීන වූ; අධෛර්යවත්; කලකිරුණු.
1. නා.ප්‍ර. කලකිරීම; උත්කණ්ඨාව; අතෘප්තිය; අසතුට.
2. නා.ප්‍ර. අලසකම; උදාසීනත්වය.

උකටිනවා

1. ක්‍රි. ආශා කරනවා.
2. ක්‍රි. කලකිරෙනවා; අධෛර්යවත් වෙනවා.

උකනවා

1. ක්‍රි. හාරා උඩට නඟා ගන්නවා; ඔසවනවා; අවුලා ගන්නවා.
2. ක්‍රි. (දිය ආදිය) ඇතුළට ඇද ගන්නවා හෙවත් ඇතුළු වෙනවා; උරා ගන්නවා.
3. ක්‍රි. (රන්) පෙරා ගන්නවා; උත්කෘෂ්ට කරනවා.
4. ක්‍රි. ඉදි කරනවා; සාදනවා; තනනවා.
5. (කථා.) ක්‍රි. ඇතුළට දමනවා; පුරවනවා.

උකස

1. නා. ඇපයට තබන දෙය; ඇපය.
2. නා. ණයක් ගැනීමේ දී ඇපයක් වශයෙන් ණයකාරයා සතු ඉඩමක් හෝ වටිනා දෙයක් ණය හිමියාට ඔප්පුවකින් පැවරීම.
3. නා. උගසට යටත් ඉඩම.

උකස් ඔප්පුව

නා. ඉඩමක් උකස් කිරීමේ දී ලියනු ලබන ඔප්පුව.

උකස් කරනවා

1. ක්‍රි. ණයක් ගැනීම පිණිස ඉඩමක් හෝ අගනා දෙයක් ඇපයක් වශයෙන් තබනවා.
2. ක්‍රි. උගසකින් ඉඩමක් පවරනවා.

උකස් ණය

නා. යම් කිසිවක් උකසට තබා ගත් මුදල; දේපොළ ඇපයට තබාගෙන පොලියට දෙන මුදල.

උකස්කරය

නා. ඉඩමක් උගස් කිරීමේ දී ලියනු ලබන ඔප්පුව.

උකසිනවා

ක්‍රි. උගුර පාදනවා; කාරනවා.

උකහනවා

1. ක්‍රි. උඩට ඇද ගන්නවා; ඇද ගන්නවා; ඔසවනවා; මතු කරනවා.
2. ක්‍රි. ඉදි කරනවා; සාදනවා; තනනවා.
3. ක්‍රි. උත්කර්ෂ කරනවා; (ගමන්) ඉක්මන් කරනවා.

උක් දඬු දුන්න

නා. උක් දණ්ඩෙන් කළ දුන්න; අනංගයාගේ දුන්න.

උක් බිජුව

නා. රෝපණය සඳහා ගැනෙන උක් කඳේ පුරුක්.

උක් මැලි

නා.බහු. උක් ගසෙහි මල්; උක්මල්.

උක්කංස

නා.ප්‍ර. උත්කෘෂ්ට භාවය; උසස් බව.

උක්කණ්ඨිත

වි. කලකිරුණු; උකටලී.

උක්කා

1. නා.ප්‍ර. පන්දම; හුළු එළිය; දණ්ඩ ප්‍රදීපය.
2. නා.ප්‍ර. අඟුරු කබල; කෝව.

උක්කාචනා

නා.ප්‍ර. (තමන්) උසස් කොට ඇඟවීම හෝ ප්‍රකාශ කිරීම.

උක්කාර

නා.ප්‍ර. අශූචි; කසළ.

උක්කුජ්ජ

වි. උඩුකුරු වූ; උඩුමුව ඇති.

උක්කුජ්ජ පඤ්ඤයා

නා. උගත් දෙය හොඳින් දරන ප්‍රඥාවන්තයා.

උක්කුජ්ජනය

1. (පාරිභා.) නා. අතක් උඩුකුරුව හැරවීම.
2. නා. එසේ හැරවූ විට එය තිබෙන ආකාරය. (=supination).

උක්කුට්ඨි

නා.ප්‍ර. ප්‍රීතිඝෝෂාව; ඔල්වර හඬ.

උක්කුටිකය

1. නා. කෙළිල්ලෙන් හිඳීම; ඇණ තියාගෙන හිඳුම.
2. නා. තාපස ව්‍රතයක් වශයෙන් හෝ පය ඇඟිලි අගින් නොහොත් විලුඹින් හෝ ගමන් කිරීම.

උක්කෙමිය

නා. උස්ව සිටි කැකුළ හෙවත් මොට්ටුව; උස් වූ කර්ණීකාව; පුරාණයේ තිබුණු විශාල තලි විශේෂයක මැද පිහිටි කෙමිය.