සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 289
උක්කෝටනය
1. (විනය.) නා. ධර්ම විනය දෙකින් සංසිඳ වූ අධිකරණයක් නැවත විසඳීමට ගැනීම.
2. නා. හිමි අහිමිකම් වෙනස් කිරීමට ගන්නා අල්ලස.
උක්ඛිත්ත
1. (විනය.) වි. යම්කිසි වරදක් නිසා සමගි සංඝයාගෙන් බැහැර කරන ලද; උක්ඛේපනීය කර්මය කරන ලද.
2. වි. ඔසවන ලද.
උක්ඛිත්තකයා
(විනය.) නා.ප්ර. උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂුව.
උක්ඛේපනිය කර්මය
(විනය.) නා. වරදක් කළ භික්ෂුවක් සමගි සංඝයාගෙන් බැහැර කිරීමට කරන විනය කර්මය.
උක්ඛේපිම
වි. උඩට ඇද ගත හැකි හෝ ඇද ගත යුතු.
උක්ත
1. වි. කියන ලද; කියූ; ප්රකාශ කළ; සඳහන් කරන ලද.
2. (ව්යාක.) වි. වාක්යයක ආඛ්යාතයෙන් කියවුණු හෙවත් එය හා ගැළපුණු.
උක්ත කර්මය
නා. (ව්යාක.) ආඛ්යාතයෙන් උක්ත වූ හෝ එයින් ප්රකාශ වූ කර්ම පදය.
උක්තය
1. නා. කියන ලද්ද; ප්රකාශ කළ දේ; සඳහන් කරන ලද්ද.
2. (ව්යාක.) නා. ආඛ්යාතයෙන් කියැවුණු කර්තෘ හෝ කර්මය.
උක්තිය
නා. කියමන; වදන; කී බස.
උක්පාණ
(කථා.) නා. උක් දඬු මිරිකන යන්ත්රය.
උක්පැණි
නා.ප්ර. උක් දණ්ඩෙහි යුෂ; උක් ඉස්ම; උක් ඉස්ම පැසවා සාදා ගත් පැණි.
උක්පැන්
නා.ප්ර. උක් ඉස්ම; උක්රස.
උක්පිට
නා. එක වරට කපා ඔසවා ගන්නා ගොයම් මිට; ගොයම් අහුර.
උක්පිටි කරනවා
ක්රි. කපා ගත් ගොයම් අහුරු කුඩා මිටි වශයෙන් රැස් කරනවා; කැට කඳු ගහනවා.
උක්මෙනවා
ක්රි. පසු කර යනවා; ඉක්ම යනවා.
උක්ලාප
නා.ප්ර. කුණු කසළ; රොඩු.
උක්ලාප ශූර්පය
නා. කුණු කසළ එකතු කරන කුල්ල.
උක්වසල්ල
නා. උක් දණ්ඩේ යුෂ මිරිකා ගත් පසු ඉතිරි වන රොඩ්ඩ.
උක්ෂ
නා.ප්ර. (ජ්යෝති.) වෘෂභ ලග්නය.
උක්සකුරු
නා.ප්ර. උක් පැණියෙන් සාදා ගැනෙන හකුරු.
උකා දමනවා
ක්රි. විසි කරනවා; ඉවත ලනවා.
උකා බොනවා
ක්රි. උරා බොනවා; ඇද බොනවා.
උකාරය
නා. ‘උ’ නැමැති අක්ෂරය; ‛උ’ ස්වරය.
උකාලනවා
ක්රි. ගෙන දමනවා; දමනවා; බහා ලනවා.
උකැසි
නා.ප්ර. (තමා සිටින බැව් හැඟවීමට) උගුර පෑදීම හෙවත් කෑරීම.