උපඝාතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පහර දීම; හිරිහැර කිරීම; වෙහෙසීම; හිංසාව; උපද්රවය.
2. නා. නැති කිරීම: විනාශය; නිවාරණය.
3. නා. රෝගී වීම; කොර වීම.
4. (වාග්වි.) නා. අකුරු බර කොට උච්චාරණය කිරීම; ස්වරාඝාතය (=accent).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පහරදීම; හිංසාව; උපද්රවය/ නැති කිරීම; විනාශය/ රෝගී වීම; කොර වීම/ අකුරු බර කර ශබ්ද කිරීම (පා. සං. උපඝාත)