ඔරම්භාගිය සංයොජන
orambhāgiya saṃyojana
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පහත් භවය භාජනය කරන සංයොජන, සතර අපාය, සප්තවිධ කාම ස්වර්ගය යන මොහු පහත් භව නම් වේ. කාමච්ඡන්ද, ව්යාපාද, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන පස්දෙන ඔරම්භාගිය සංයොජන නම් වේ. ඔරංභජතීති ඔරංභාගියො “රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා, යන සංයොජන පස උද්ධම්භාගිය නම් වේ. කාමලෝකයන්ට වඩා උසස් භවයන් භජනය කරන නිසා උද්ධංභාගිය නම් වේ. (පි. 227)