සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 339

ඔයාචති

ක්‍රි. (අව+යාච √ භු. යාචනෙ. ඉල්වීමෙහි +ති) අයහපතක් පතයි, නරකක් පතයි, නරකක් ප්‍රාර්ථනා කරයි. (පි. 227)

ඔර

ති. මේ පෙදෙස, මෙතෙර, අපර තීරය. “පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතුං වට්ටති.” (පි. 227)

ඔරක

ති. පහත්, සුළු, ස්වල්පමාත්‍ර, “නහනූන සො ඔරකො ධම්මවිනයෙ, නසා ඔරකා පබ්බජ්ජා.” (පි. 227)

ඔරතීර

න. මෙතෙර. (පි. 227)

ඔරතො

පු. මෙතෙර, ගංගා සමුද්‍රාදියෙන් මෙතෙර, “යං ඔරතො අත්ථි නං පාරතො නසක්කා පස්සතිං.” (පි. 227)

ඔරපාර

න. උඩ පහත, උඩ හා යට ලොක. (පි. 227)

ඔරපුර

න. බලකොටුවට පිටත නගරය, පිට නගරය. (පි. 227)

ඔරබ්භික

පු. (උරබ්භ+ණික) එළුවන් මරන්නා, එළුවන් මරා ජීවත්වන්නා, එළු වැද්දා, “අහං භන්තෙ පුබ්බෙ ඔරම්භිකො අහොසිං.” (පි. 227)

ඔරභාග

පු. මෑත භාගය, කෙළවර. (පි. 227)

ඔරමත්තක

පු. කුඩා, ටික, අල්ප, ස්වල්ප, “න භික්ඛු ඔරමත්තකෙන භවිතබ්බං.” (පි. 227)

ඔරම්භාගිය

ති. මෙලොව පිළිබඳ, යට භාගය භජනය කරන කාම ලෝකය පිළිබඳ. (පි. 227)

ඔරම්භාගිය සංයොජන

න. පහත් භවය භාජනය කරන සංයොජන, සතර අපාය, සප්තවිධ කාම ස්වර්ගය යන මොහු පහත් භව නම් වේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන පස්දෙන ඔරම්භාගිය සංයොජන නම් වේ. ඔරංභජතීති ඔරංභාගියො “රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා, යන සංයොජන පස උද්ධම්භාගිය නම් වේ. කාමලෝකයන්ට වඩා උසස් භවයන් භජනය කරන නිසා උද්ධංභාගිය නම් වේ. (පි. 227)

ඔරව

න. එක්රැස්වුවන්ගේ හඬ. (පි. 227)

ඔරස

පු. (උරසි+ණ) ලෙහිදා උපන්, තමාට දාව උපන්. (පි. 227)

ඔරසපුත්ත

පු. තමාටදාව උපන් පුත්‍රයා, ඖරස පුත්‍රයා. “මාතාපුත්තංච ඔරසං.” (පි. 227)

ඔරාපාරා

ති. මෙතෙරින් එතර, මෙතෙරින් පරතර, “නාවාය ඔරාපාරං ගන්තුකාමා.” (පි. 227)

ඔරිම

ති. මෙතෙර, සමීප ප්‍රදේශය, “භගවා නෙරඤ්ජරාය නදියා ඔරීම තීරෙ අන්තරහිතො ඔරිමතීරෙ අට්ඨාසි.” (පි. 227)

ඔරිමගාම

න. සමීප ගම. මෙතෙර ගම. (පි. 227)

ඔරිමන්ත

න. මෑත පෙදෙස, සමීප ප්‍රදේශය, මෙපෙදෙස. (පි. 227)

ඔරිමභාග

න. මුල්කොටස, මෑතභාගය. “ගිම්හාන උතුනං පච්ඡිම මාසස්ස ඔරීම භාගෙ යාව හෙමන්තස්ස පඨම දිවසතො.” (පි. 227)

ඔරිමවාරගම

න. තමන්ට නියමිත ළඟ ගම, සමීපයෙහි පිහිටි වරගම. (පි. 227)

ඔරුද්ධ

ති. ආපසු තැබූ, වැලැක්වු, පැරදවු, සිරකළ. (පි. 227)

ඔරුන්ධති

ක්‍රි. (අව+රුධි √ දි. ආවරණෙ, ආවරණය කිරීමෙහි +ති) ගනියි, පැමිණෙයි. (පි. 227)

ඔරුහති

ක්‍රි. (අව_රුහ √ රු. ආරුහෙ, නැඟීමෙහි +ති) පසියි, පහතට පසියි. (පි. 227)