සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 338

ඔභොග

න. (අව+භුජ+ණ) නැමීම, සිවුරේ නැමීම අතර, “ඔභොගෙ කාය බන්ධනං කාතුං වට්ටති.” (පි. 226)

ඔම

ති. පහත්, නීච, ලාමක. (පි. 226)

ඔමක

න. ප්‍රමාණයෙන් ඉතා අඩු පාත්‍රය. අනුදැන වදාළ නව විධ පාත්‍රයන්ගෙන් එකක්.
පු. ලාමක, අඩු පහත්. (පි. 226)

ඔමකචාතුමාස

ති. සිවු මසකට අඩු, සාර මසක් ඉක්ම නොගිය. (පි. 226)

ඔමකපත්ත

න. ප්‍රමාණයෙන් අඩු පාත්‍රය, අධිට්ඨාන විකප්පනයට සුදුසු පාත්‍රයක්, උක්කට්ඨපත්ත ප්‍රමාණයෙන් ලොකුම පාත්‍රය. (පි. 226)

ඔමට්ඨ

න. යටිකුරුවූ සිදුර, එවැනි සිදුරු ඇති සැළිය.
ති. (පහළ සිට) පහර දෙන ලද, උඩ සිට පහළට දෙන පහර. (පි. 226)

ඔමද්ද

න. මැඩීම, මැඩ පැවැත්වීම. (පි. 226)

ඔමද්දකාරක

පු. මැඩලන තැනැත්තා, වත් වඩින භික්ෂුව. (පි. 226)

ඔමද්දති

ක්‍රි. (අව+මද්ද √ භු. මද්දනෙ, මැඩීමෙහි +ති) මඩියි, මිරිකයි. (පි. 226)

ඔමද්දිත්වා

පු.ක්‍රි. (අව+මද්ද+ඉ+ත්වා) මැඩ, මර්‍දනයකොට, අනා මිශ්‍රකොට, “න ථුපතො ඔමද්දිත්වා පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා.” (පි. 226)

ඔමසති

ක්‍රි. (අව+වස √ භු. ආමසනෙ, යට, බිණීමෙහි +ති) නින්දා කරයි. ගටා බිණියි. (පි. 226)

ඔමසන

න. (අව+වස+යු=අන) උඩ සිට පහළට බැසීම, පහතට බැස්සීම, “ඔමසනා නාම හෙට්ඨාඔරොපනා.” (පි. 226)

ඔමසන්ති

ක්‍රි. (අව+මස √ භු. ආමසනෙ, නින්දා කිරීමෙහි +න්ති) නින්දා කරත්, ගටා බණිත් “ඡබ්බග්ගිය භික්ඛු පෙසලෙ භික්ඛුනං ඔමසන්ති.” (පි. 226)

ඔමසවාද

න. ඔවසවාද නම් පචිතිය.
ති. පරුෂ තෙපුල්, ජාති නාම, ගොත්‍ර කර්‍ම, ශිල්ප, ආබාධ, ලිඞ්ග, ක්ලේශ, ආපත්ති, ආක්‍රෝශ යන දස ආකාරයෙන් නින්දා පරිභව බිණීම. (පි. 226)

ඔමසවාද සික්ඛාපද

න. නින්දා පරිභව පිණිස ජාත්‍යාදීන් ඝටා බිණීම නිසා පැණවූ ශික්ෂාපදය. (පි. 226)

ඔමාන

න. අන්‍යයන්ට පහත් කොට සැළකීම, එනම් මානය. (පි. 226)

ඔමිස්සක

ති. මිශ්‍රවූ, මිශ්‍ර, නොයෙක්. (පි. 226)

ඔමුක්ක

ති. (අව+මුව+ණ) ඉවත් කළ, මිදු, “අනුජානාමි භික්ඛවෙ ඔමුක්කං ගණඞ්ගනු පාහනං.”
න. ගිනිපෙණෙල්ල. (පි. 226)

ඔමුඛ

ති. අහක වීසිකළ, ඉවතදැමූ. (පි. 227)

ඔමුඤ්චති

ක්‍රි. (අව+මුව. √ මොචනෙ, මිදීමෙහි +ති) මුදයි, ඉවත් කරයි. (පි. 227)

ඔමුඤ්ච්පෙත්වා

පු.ක්‍රි. (අව+මුව+ත්වා) මුදවා, ඉවත් කරවා, “සබ්බාලඞ්කාරං ඔමුඤ්ජාපෙත්වා පුඤ්ජකං කාරාපෙත්වා.” (පි. 227)

ඔමුඤ්චිත්වා

පු.ක්‍රි. (අව+මුව+ඉ+ත්වා) මුදා, ඉවත්කොට, ගලවා තබා. (පි. 227)

ඔමුත්ත

ති. මිදුනු, නිදහස් වුනු, ගැලවුනු. (පි. 227)

ඔමුත්තන්ති

ක්‍රි. (අව+මුක. √ භු. චාගෙ හැරීමෙහි +න්ති) මුත්‍රකරත්, මුත්‍රයෙන් තෙමත්. (පි. 227)