සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 337
ඔපුඤ්ඡති
ක්රි. (අව+පුඤ්ඡනෙ, ආලේප කිරීමෙහි +ති) ආලේප කරයි. තවරයි. (පි. 225)
ඔපුඤ්ඡාපෙත්වා
පු.ක්රි. (අව+පුඤ්ඡ+ණාපෙ+ත්වා) ගල්වා, අලේප කොට. (පි. 225)
ඔපුඤ්ඡිත්වා
පු.ක්රි. (අව+පුඤ්ඡ+ඉ+ත්වා) ආලේප කොට, පිරිබඩ කොට. (පි. 225)
ඔපුප්ඵ
න. පොහොට්ටුව, මල්පොහොට්ටුව. (පි. 225)
ඔඵුට
ති. වැසී ඇති, වසා තිබෙන. (පි. 225)
ඔබඤ්ජෙති
ක්රි. (අව+භඤ්ජ √ භු. භඤ්ජනෙ බිඳීමෙහි +ණෙ+ති) බිඳ දමයි, නමාලයි. (පි. 225)
ඔබද්ධ
න. මුදාලීම, ආසනයෙන් නැගිටුවීම. (පි. 225)
ඔබන්ධිත්වා
පු.ක්රි. (අව+බන්ධ+ඉ+ත්වා) බැඳ, නමා බැඳ “තත්ථ තත්ථ ඔබන්ධිත්වා චීවරං සිබ්බෙතුං.” (පි. 225)
ඔභග්ග
ති. බිඳ හෙලනලද, කඩනලද, පහතට දැමු “ඔභග්ගො භග්ගඤ්චස්ස සාඛා භඞ්ගං ඛාදති.” (පි. 225)
ඔභඤ්ජිත්වා
පු.ක්රි. (අබ+භඤ්ජ+ත්වා) බිඳ දමා, නමාදමා. (පි. 225)
ඔභත
ති. අහක්කළ, ඉවත්කළ, ඉවතදැමූ. (පි. 225)
ඔභතචුම්බට
ඉ. ඔභතචුම්බට නම් ස්ත්රිය, අට වැදෑරුම් ස්ත්රීන්ගෙන් එකියක්. පෙර දර අදින ස්ත්රීහු හිසෙහි සුඹුළුවක්-දරණුවක් පාවිච්චි කළහ. හිස් පැළඳි ඒ දරණුව අහක්කර කැමැති වූවෙකුට ඇය සරණ පාවා ගත හැක. එවැනි ස්ත්රීන්ට ඔභතචුම්බට යයි කියති. (පි. 225)
ඔභරති
ක්රි. (අව+භර √ භු. භරණෙ+ති) ගෙන යයි, ඉවත ගෙන යයි. (පි. 225)
ඔභාස
පු. එළිය, ආලෝකය, කසිණ ආලෝකය.
න. ප්රත්යය පිළිබඳ කථාව, තම අදහස පහළ කිරීම, නුසුදුසු කථාව, “ඔභාසොති පච්චයපටිසංය්ත්ත කථා.”
ති. මල් හා ගෙඩි ඇතිකරවන රුක් රොපනය කිරීමෙහි අවකාශය. (පි. 225)
ඔභාස කම්ම
න. සිවුපසය ලබන ආශාවෙන් ඒ ගැණ කථා කිරීමෙන් අදහස හැඟවීම. පහළ කරන ක්රියාව. “ඔභාස කම්මන්ති වච්ඡපාලකෙ දිස්වා කිං ඉමෙ වච්ඡා ඛිර ගොවච්ඡා තක්ත ගොවච්ඡාති පුච්ඡිත්වා, ඛිර ගොවච්ඡා භන්තෙති වුත්තෙ න. ඛිර ගොවච්ඡා, ඛිරගොවච්ඡා සියුං භික්ඛුපි ඛීර ලභෙය්යුන්ති එවමාදිනා නයෙන තෙසං දාරකානං මාතා පිතුන්නං නිවෙදෙත්වා ඛිරදාපනාදිකං ඔභාසකරණං.” (පි. 226)
ඔභාස කරණ
න. තමාගේ කැමැත්ත හැඟවීම, ඔභාසකම්ම බලනු. (පි. 226)
ඔභාස ගාථා
ඉ. ආලෝකය විහිදුවීමට පෙරටුව දෙසු ගාථාව, චුල්ලපන්ථක ස්ථවිරයන්ගේ උදාන ගාථාව. (පි. 226)
ඔභාස මණ්ඩල
න. අලොක මණ්ඩලය, එළිය, මඩුල්ල, ආලෝක කසිණය වඩන යොගාවචරයා විසින් වැඩිය යුතු එක් නිමිත්තක්. (පි. 226)
ඔභාස මත්ත
න. අලොක මාත්රය, විදසුනට බාධකවූ ආලෝක මාත්රයක්. (පි. 226)
ඔභාසති
ක්රි. (අව+භාස √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) බබලයි, ආලෝක කරයි. (පි. 226)
ඔභාසන
න=(අව+භාස+යු=අන) බැබලීම. අසභ්ය කථාව, කෙළින් නොකියා අදහස නැගෙන සේ කීම. (පි. 226)
ඔභාසන්තී
ක්රි. (අව+භාස √ භු. දිත්තියං බැබලීමෙහි +ති) (අසද්ධර්මය පිණිස) කථා කරත්. (පි. 226)
ඔභාසෙත්වා
පු.ක්රි. (අව+භාස+ණෙ+ත්වා) ආලෝක කොට, එළිය කර, “කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා.” (පි. 226)
ඔභාසෙය්ය
ක්රි. (අව+භාස √ භු. දිත්තියං, බැබලීමෙහි +එය්ය) (නොමනා වචන) කියන්නේය. හැසිරෙන්නේය. (පි. 226)