සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 336
ඔපපාතික
පු. මවුපියන්ගේ ආධාරයක් නැතිව උපදින අය, උපපතනය වීමෙන් උපදින අය, දිව්ය බ්රහ්ම නෙරයික හා සමරහ සත්ව ජාතීන් මෙසේ උපදිති, අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ හා ඔපපාතික යයි උත්පත්තිය ලැබෙන ආකාර සතරින් එකක්, “උපපාතො අස්ස අත්ථිති=ඔපපාතිකො.” (පි. 224)
ඔපපාතිකමනුස්ස
පු. ඔපපාතිකව උපදින මනුෂ්යයා. (පි. 225)
ඔපපාතිකයොනි
ඉ. ඔපපාතික යොනිය, එබඳු සත්ත්වනිකාය. (පි. 225)
ඔපම්ම
න. උපමාව, නිදර්ශනය, සමානකම. (පි. 225)
ඔපරජ්ජ
න. උපරාජ්යය, උපරජකම, යුවරාජපදවිය. (පි. 225)
ඔපවය්හ
පු. නැගීමට සුදුසු, රජුට නැගීමට සුදුසු ඇතා. (පි. 225)
ඔපවින්දව
පු. නැග යාමට සුදුස්සා. (පි. 225)
ඔපසමික
පු. (උප+සම+ඉක) රාජවාහන ඇතා, හීලෑවූ ඇතා. (පි. 225)
ඔපසායික
ක්රි. අතළඟ තිබෙන, සමීපව තිබෙන. (පි. 225)
ඔපාත
න. (අව+පත+ණ) වළ, ආවාටය. (පි. 225)
ඔපාතඛනක
පු. වළ කනින්නා, වළ සාරන්නා. (පි. 225)
ඔපාතඛනන
න. වළක් සෑරීම. (පි. 225)
ඔපාතරොග
පු. වළෙහි වැටීමෙන් රොගීබවට පත් තැනැත්තා. (පි. 225)
ඔපාතෙතබ්බ
ති. (අව+පත+ණෙ+තබ්බ) හෙලිය යුතු, හටගැන්විය යුතු. (පි. 225)
ඔපාන
න. උදපානය, ලිඳ, පොකුණ, “ඔපාන භුතානි.” (පි. 225)
ඔපාන භුත
ති. උදපානයක් වැනිව, ලිඳක් සමානව, සැමදෙනාගේ කැමැත්ත ඉටු කරන සුලු. (පි. 225)
ඔපායික
වා-උපාය, සුදුසු, මැනවි. (පි. 225)
ඔපාරම්භ
පු. උපාරම්භභාවය, ආධාරභාවය, උපකාර බව. (පි. 225)
ඔපිය
න. ඇතුළට යෑම, ඇතුළට පිවිසීම, “නිබ්බාණං හදයස්මිං ඔපිය.” (පි. 225)
ඔපිලාපන
න. ඉල්පීම, ජලයේ පාවීම. (පි. 225)
ඔපිලාපිත
ති. ඉල්පුණු, ගැලුණු, පාවුණු. (පි. 225)
ඔපිලාපෙති
ති. (අව+පීල √ පීලනෙ, ඉල්පී+ණෙ+ති) ඉල්පවා හරියි. දියෙහි පාකර හරියි. (පි. 225)
ඔපිලාවිත
ති. ඉල්පීගිය, ගිලුණු. (පි. 225)
ඔපුඤ්ඡ
√ (අව+පුඤ්ඡ √ භු. පුඤ්ඡනෙ, ආලේපකිරීමෙහි +ඊ) ආලේප කෙළේය. (පි. 225)