සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 335
ඔනිරක්ඛ
පු. ගෙනවුත් දුන් බඩු රකින්නා. (පි. 224)
ඔනීත
ති. බැහැරකළ, ඉවත්කළ. (පි. 224)
ඔනීතපත්තපාණි
ති. වළඳා පාත්රයෙන් අහක්කළ අත් ඇති, “භුත්තාවිං ඔනීතපත්තපාණිං.” (පි. 224)
ඔනොජන
න. කල්තැබීම, පරෙස්සම් කර තැබීම. (පි. 224)
ඔනොජෙති
ක්රි. (අව+නුද √ තු-වෙපණෙ, දුරුකිරීමෙහි +ණෙ+ති) සෝදාහරියි. (පි. 224)
ඔප
√ භු. නිට්ඨූහනෙ, කාරාදැමීමෙහි, ඔපති. කාරාදමයි.
√ චු. (ඨපනෙ, තැබීමෙහි) ඔපෙති, තබයි. (පි. 224)
ඔපක්කම
පු. උපක්රමය, ප්රයොගය. (පි. 224)
ඔපක්කමික
පණ්ඩක, පු. එනම් පණ්ඩකයා.
පු. උපක්රමයෙන් සිදුකටයුතු, උපක්රමයෙන් හටගත්. (පි. 224)
ඔපක්ඛමික ආබාධ
පු. උපක්රමයෙන් හටගත් රෝගය, බෝවූ ලෙඩ. (පි. 224)
ඔපගව
පු. උපගු නම් තැනැත්තහුගේ පුත්රයා. (පි. 224)
ඔපගුයහ
පු. උපගුහන භාවය, ඔපවය්හ බලනු. (පි. 224)
ඔපච්ඡන්දසික
ඉ. ඔපච්ඡන්දසික වෘත්තය. (පි. 224)
ඔපතන
න. පහතට වැටීම, අවපතනය. (පි. 224)
ඔපතනි
ක්රි. (අව+පත √ භු. ගමනෙ, යාමෙහි +ති) පහතට වැටෙයි. (පි. 224)
ඔපත්ත
ති. පත්රවැටුනු, කොල රහිත. (පි. 224)
ඔපති
ක්රි. (ඔප √ භු. නිට්ඨුභනෙ, කෙලගැසීමෙහි +ති) කෙලගසයි. (පි. 224)
ඔපතිත
ති. පාතට වැටුනු. (පි. 224)
ඔපතිත්වා
පු.ක්රි. (අව+පත+ඉ+ත්වා) වැටී, ඇතුළත පතිතව, “අන්තලික්ඛා වස්සධාරා ඔපතීත්වා ගඞ්ගානි පූරෙන්ති.” (පි. 224)
ඔපතීත්වා
පු.ක්රි. (අව+පත+ඉ+ත්වා) වැටී, ඇතුළෙහි පතිතව. (පි. 224)
ඔපධික
ති. උපධීන්ගෙන් යුත්, උපධීන්ට අයිති. උපධි බලනු. (පි. 224)
ඔපධිකපුඤ්ඤ
න. ශරීරසම්පත් ආදිය ඇති කරන පින.
“දදමානං මනුස්සානං
පුඤ්ඤපෙක්ඛාන පාණිනං
කරොතො ඔපධිකං පුඤ්ඤං
කත්ථ දින්නං මහප්ඵලං.” (පි. 224)
ඔපනයික
ති. නිවනට පමුණුවන. “ස්වාක්ඛාතො භගවතා - ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහීති.”
ති. තමතමාගේ සිතට පැමිණවිය යුතු. (පි. 224)
ඔපපක්ඛි
ති. අත්තටු කපාදැමීම, බලය හීන කිරීම. (පි. 224)
ඔපපච්චයික
පු. දෙමවුපියන් නැතිව උපදින අය. (පි. 224)