සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 334
ඔදීරණක
ති. ගැලවූ පිටපොත්ත ඇති ගස, අහක්කළ ගසක පොත්ත, පොතුගලවා දැමූ. (පි. 223)
ඔදුම්බර
පු. උදුම්බරගසට අයත්, දිඹුල්ගස පිළිබඳ. (පි. 223)
ඔධස්ත
ති. පහත්කළ, පහතට හෙළන ලද. (පි. 223)
ඔධානසමොධාන
න. එනම් මානත, සමොධානපරිවාසයන්ගෙන් එකක්. (පි. 223)
ඔධානිය
පු. යම්කිසිවක් දමන තැන. (පි. 223)
ඔධික
ති. පරිච්ඡේදය, කොටස. (පි. 223)
ඔධිසුංක
පු. ඔට්ටුව, ඉන්න, උල. (පි. 223)
ඔධිසොවණෙ
න. සීමාකොට පැතිරවීම, සත්අයුරකින් මෙත්තාභාවනාව වැඩීම. (පි. 223)
ඔධී
ඉ. අංශය, කොටස සීමාව, නියමය. (පි. 223)
ඔධීකත
ති. කොටස් කළ, පරිච්ඡෙද කළ. (පි. 223)
ඔධුනන
න. කම්පාකිරීම, චලනයවීම. (පි. 223)
ඔධුනාති
ක්රි. (අව+ධු √ කි. කම්පනෙ, චලනයෙහි +නා+ති) කම්පාවෙයි, සැළෙයි. (පි. 223)
ඔධුනිත්වා
පු.ක්රි. (අව+ධු+ඉ+ත්වා) දුරු කොට, මකාහැර. (පි. 223)
ඔනත
ති. නැමුනු, යටහත් වූ. (පි. 223)
ඔනද්ධ
ති. මස්තකය වළඳනා ලද, මස්තකය වැසුනු. (පි. 223)
ඔනද්ධපීඨ
න. මෙට්ටය සහිත පුටුව. (පි. 223)
ඔනද්ධමඤ්ච
න. මෙට්ටය සහිත ඇඳ, “අනුජානාමි භික්ඛවෙ ඔනද්ධමඤ්චං ඔනද්ධ පීඨං.” (පි. 224)
ඔනන්ධති
ක්රි. (අව+නන්ධ √ තු. විනන්ධනෙ, වැලඳගැන්මෙහි +ති) බඳියි, වසයි. (පි. 224)
ඔනන්ධිතුං
න. අවටින් වැසීම, උරයක් දමා වැසීම. (පි. 224)
ඔනමති
ක්රි. (අව+නම √ භු. නමනෙ, නැමීමෙහි +ති) පාතට නමයි. (පි. 224)
ඔනමන
න. පහතට නැමීම “ඔනමන උන්නමන පකතිකං”
පු. (අව+නම+යු=අන) පාතට නැමීම. (පි. 224)
ඔනයහති
ක්රි. (අව+නහ √ භු. බන්ධනෙ, බැඳීමෙහි +ති) බැඳදමයි, වසාදමයි. (පි. 224)
ඔනාමෙසි
ක්රි. (අව+නම √ භු. නමනෙ, නැමීමෙහි +සි) නැමීය. (පි. 224)
ඔනාහ
පු. හාත්පස පැතිරවීම, සැඟවීම, වසාදැමීම. (පි. 224)