සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 333
ඔදනියඝර
න. කුස්සිය, බත්උයන කුස්සිය. (පි. 223)
ඔදනියසුරා
ඉ. බත්වලින් පෙරන සුරා විශේෂයක්. (පි. 223)
ඔදපත්තකිනි
ඉ. ජලපාත්රය සාක්ෂ්ය කොට පාවාදුන් බිරිඳ. (පි. 223)
ඔදපත්ති
ඉ. උදකපාත්රයෙහි අත තබා ජලය මෙන් වෙන් නොවී පවතිමුයි නියමකර ගන්නා ලද ස්ත්රිය. (පි. 223)
ඔදප්පෙති
ක්රි. (අව+කප්ප √ භු. කම්පනෙ, සිතීමෙහි +ණෙ+ති) වරදවා කල්පනා කරයි. වරදවා අදහයි. (පි. 219)
ඔදරික
පු. උදරයෙහි උපන්නා, එක උදරයෙහි උපන් තැනැත්තා, සහෝදරයා. (පි. 223)
ඔදරිකත්ත
න. උදරපුරණය, බඩපිරුම. (පි. 223)
ඔදරිකතා
ඉ. සහෝදරභාවය. (පි. 223)
ඔදරිථ
ක්රි. (අව+දහ √ භු. +ථ) යොමුකරව්, කණ් නමව්. (පි. 223)
ඔදහති
ක්රි. (අව+දහ √ භු. පතිට්ඨායං, පිහිටීමෙහි අව=ඔ+ති) පිහිටුවයි. දහබලනු. (පි. 223)
ඔදහන
න. පිහිටුවීම. (පි. 223)
ඔදහිත
ති. පිහිටුවනලද, ප්රතිෂ්ඨාපිත. (පි. 223)
ඔදහිත්වා
පු.ක්රි. (අව+දහ+ඉ=ත්වා) බහා, ඇතුළත බහා. (පි. 223)
ඔදාත
පු. සුදු පැහැය, පිරිසිදු එලළු. (පි. 223)
ඔදාතක
පු. සුදු, පිරිසිදු, සුදු වස්ත්රය. (පි. 223)
ඔදාතකසිණ
න. සුදු පැහැති කසින මණ්ඩලයක් අරමුණුකොට භාවනාකිරීම, ඔදාත කසින නමි. දස කසිණයන්ගෙන් එකක්. (පි. 223)
ඔදාතමනස
පු. පිරිසිදු සිත. (පි. 223)
ඔදාතවණ්ණ
පු. සුදුපැහැය, සුදුපාට. (පි. 223)
ඔදාතවත්ථ
න. සුදුවස්ත්රය, සුදුරෙද්ද. (පි. 223)
ඔදාතවසන
න. සුදුවස්ත්ර හැඳීම. (පි. 223)
ඔදාර
ති. උදාරභාවය, උජාරුකම. (පි. 223)
ඔදිස්ස
අ. උදෙසා, කරුණු සහිතව, අනියම් ලෙස.
පු.ක්රි. උදෙසා, පිණිස, නියමකොට. (පි. 223)
ඔදිස්සක
ති. නියම පරිදි, විශේෂසහිත උදෙසා. (පි. 223)
ඔදීදාපන
න. ගිල්වීම, කිඳවීම. (පි. 231)