ඕ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
සිංහල හෝඩියේ දාහත් වැනි අකුර හා දා හත් වැනි ස්වරය.
1. නා.ප්ර. ඔය; දියපාර; කුඩා ගංගාව; අතු ගංගාව.
2. නා.ප්ර. කණ; ශ්රෝතය.
3. නා.ප්ර. ‘ඕ’ යන ශබ්දය; කෑගැසීම; මී හරකුන් දැක්කීම සඳහා යොදනු ලබන උස් හඬ; මුහුදේ ඝෝෂාව දැක්වීමට යොදනු ලබන හඬ.
4. නා.ප්ර. ඕජස; යුෂය.
5. නා.ප්ර. උකුවට වෑස්සෙන ද්රාවය.
වි. අර; ඔය.
සර්ව. ස්ත්රී ලිංග ඒකවචන උක්ත රූපය.