සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 380

ඔළමොට්ටල

වි. හිතුවක්කාර හා මෝඩ; අනුවණ.

ඔළමොළ

වි. නපුරු; චණ්ඩ; පරුෂ; හිතුවක්කාර; නොහික්මුණු.

ඔළු බක්කා

1. නා. ලොකු ඔළුවක් ඇති තැනැත්තා; හිස මහත මිනිසා.
2. නා. විශාල ඔළු ආකෘති පැලඳ ගෙන විකාර නැටුම් පාන්නා.

ඔළුව

1. නා. හිස; සිරස; ශීර්ෂය.
2. නා. සිහිකල්පනාව; මොළය.
3. නා. ඇණ, ඇල්පෙනෙත්ති වැනි දෙයක මුදුන; කුඩුම්බිය.
4. නා. පොල් අත්තක මුල් කොටස.
5. නා. අනවශ්‍ය ආඩම්බරකම.

ඔළුව උස්සනවා

(කථා.) ක්‍රි. කරදර හිරිහැර ආදියෙන් නිදහස් වෙනවා.

ඔළුව ගිනිගන්නවා

(කථා.) ක්‍රි. මහත් සේ සිත් තැවුලට පත් වෙනවා; හිරිහැරයකට හෝ කරදරයකට වැටෙනවා.

ඔළුව දමනවා

ක්‍රි. ඇතුල් වෙනවා.

ඔළුව නමනවා

ක්‍රි. යටහත් පහත් වෙනවා; යටහත් භාවය දක්වනවා.

ඔළුව නරක වෙනවා

ක්‍රි. සිහිකල්පනාව අඩු වෙනවා; සිහි බුද්ධිය නැති ව යනවා; උමතු වෙනවා; කරදරවලට හසු වෙනවා.

ඔළුවට අත හෝදනවා

(කථා.) ක්‍රි. හෙළා දකිනවා; පහත් කොට සලකනවා; අවමානයට ලක් කරනවා.

ඔළුහිර යතුර

(පාරිභා.) නා. රෝදයක් හෝ එවැනි යමක් කඳකට සවිකිරීමේ දී භාවිත කරන කූඤ්ඤයක් වැනි යතුරු විශේෂය (=gib headed key).

ඔළොංගුව

1. නා. පිළිවෙළ; ක්‍රමය; විධිය.
2. නා. කීකරුබව; විනීතබව.

ඔළොක්කුව

1. නා. ඉඩම් දෙකක් අතර පටු පාර; ගමක් මැද පවතින පටු අඩි පාර; ගෙවල් අතරින් ඇති කුඩාපාර.
2. නා. පල්ලම; කානුව; අගල.

ඕ

සිංහල හෝඩියේ දාහත් වැනි අකුර හා දා හත් වැනි ස්වරය.
1. නා.ප්‍ර. ඔය; දියපාර; කුඩා ගංගාව; අතු ගංගාව.
2. නා.ප්‍ර. කණ; ශ්‍රෝතය.
3. නා.ප්‍ර. ‘ඕ’ යන ශබ්දය; කෑගැසීම; මී හරකුන් දැක්කීම සඳහා යොදනු ලබන උස් හඬ; මුහුදේ ඝෝෂාව දැක්වීමට යොදනු ලබන හඬ.
4. නා.ප්‍ර. ඕජස; යුෂය.
5. නා.ප්‍ර. උකුවට වෑස්සෙන ද්‍රාවය.
වි. අර; ඔය.
සර්ව. ස්ත්‍රී ලිංග ඒකවචන උක්ත රූපය.

ඕං

නා. වේද මන්ත්‍ර ආදිය ආරම්භයෙහි පවතින නොහොත් උච්චාරණය කරනු ලබන ශුද්ධ අක්ෂරය.

(කථා.) නි.යමක් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා භාවිත වන නිපාතයක්.

ඕංචිය

(කථා.) නා. කෙළවර; අවසානය.

ඕඃ

නි. දුකක් හෝ වේදනාවක් හැඟවීමේ දී අමතක වූවක් සිහි වීමේදී නැති වූවක් සොයා ගැනීමේදී යෙදෙන භාව සූචකයක්.

ඕක

[ඔය + එක]
(සර්ව.) ඔය දෙය; ඔය කාරණය.

ඕකඩය

1. නා. කුඩා දියපාර; දියකඩ; ඔය.
2. නා. ඔයක් ගඟට

ඕකන්ද

(කථා.) නා. ඔය දෙපස උස්බිම්; ඔයේ දෙගොඩ උතුරා යෑම වැළැක්වීමට දැමූ පස් වැටිය.

ඕකප්පනය

නා. අරමුණට වැද සිටීම; අරමුණට බැසීම හෝ ප්‍රවේශ වීම; (බුද්ධ, ධම්ම, සංඝ යන) ගුණ සලකා පැහැදීම හෝ ශ්‍රද්ධාව ඇති කරගැනීම.

ඕකාසනය

1. නා. අවකාශය; ඉඩ ප්‍රමාණය; විවරය.
2. නා. අවකාශය; වාරය; අවසරය; අවස්ථාව; ඉඩ.

ඕකිඩ්

නා.ප්‍ර. ඕකිඩේසි නමැති අපිශාක කුලයට අයත් අපූරු හැඩ හා වර්ණ ඇති මල් හටගන්නා ශාක ගණය; උඩවැඩියා.