සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 381

ඕකිල

(කථා.) නා.බහු. වැව් අමුණක දෙපස සිටුවන කණු.

ඕගං මෝගං යනවා

(කථා.) ක්‍රි. පිටාර යනවා; උතුරා යනවා.

ඕගන්සයින්

1. (පාරිභා.) නා.ප්‍ර. විවීමේදී දික් අතට ඇදීමට ගන්නා පටනූල්.
2. නා.ප්‍ර. එවැනි නූලෙන් වියන ලද රෙදි විශේෂය (= organzine).

ඕගය

1. නා. ජල ප්‍රවාහය ජල ධාරාව මහවතුර.
2. නා. මුහුදු රැළ බිඳෙන හඬ.

ඕගිරිය

1. නා. උස් ශබ්දය කෑගැසීම.
2. නා. ස්තුති ඝෝෂාව; ප්‍රශංසාව; තුති රැව්.
3. නා. ගවයකු බැගෑ හඬලනවා.

ඕඝ ඇල්ල

නා. දිය ඇල්ල; ධාරා ඇල්ල.

ඕඝය

1. නා. ජල ප්‍රවාහය; ජල ධාරාව; මහ වතුර.
2. (අභි.) නා. කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා යන කෙලෙස් නැමති මහ වතුර.

ඕජ සංඛ්‍යාව

නා. ඔත්තේ ගණන.

ඕජදානය

1. නා. රස ආහාර දානය ගිතෙල් වෙඬරු වැනි ඕජාව බහුල ව ඇති ආහාර පිරිනැමීම.
2. නා. පුරාණයෙහි ශස්‍ය වර්ගවලින් අය කළ බදු විශේෂයක්.

ඕජදීපය

නා. කකුසඳ බුදුරදුන් කල ලක්දිවට ව්‍යවහාර වී යැයි පැවසෙන නාමය.

ඕජස

1. නා. (ශරීරයේ පැවැත්මට හේතු වන) ජීව බලය (ශරීරය පුරා පවතින) ශක්තිය වීර්යය බලපරාක්‍රමය
2. නා. ආහාරසාරය; පෝෂක ගුණය
3. නා. සප්ත ධාතුවල තේජස.
4. නා. යුෂ, ඉස්ම, සාරය.
5. නා. සැරව, ලේ, සෙම, දහඩිය ආදි අපවිත්‍ර ද්‍රව්‍ය.

ඕජස්ථාන

නා.බහු. (ජ්‍යෝති.) කේන්ද්‍රයක රාශි චක්‍රයේ ලග්නය තුන, පහ, හත, නවය, එකොළහ යන ඔත්තේ ස්ථාන.

ඕජෝ ද්‍රව්‍ය

නා.බහු. ශක්තිජනක දේ; පෝෂක ගුණය ඇති ද්‍රව්‍ය.

ඕජෝවාහි ග්‍රන්ථිය

නා. ආහාර, ඕජස රුධිරය බවට පත් කරන අවයවය.

ඕජෝහරණ

වි. ඕජස ඉවත් කරන; පෝෂක රසය ඉවතලන.

ඕඩක්කරය

1. නා. දුර පිහිටි ප්‍රදේශය; ඈත පෙදෙස.
2. නා. වතුර බසින තැන.

ඕඩය

1. නා. මුහුද හා සාගර වැනි විශාල ජලස්කන්ධ දෙකක් එකිනෙකට සම්බන්ධ කරන පටු සමුද්‍ර සන්ධිය.
2. නා. (ගලා එන පළල්) දියපාර
3. (කථා.) නා. ජලාශ්‍රිත ස්ථානය; මඩවගුර.

ඕඩරය

1. නා. නියමය; නියෝගය; ආඥාව; අණ
2. නා. බඩුබාහිරාදිය සැපයීමට හෝ සාදා දීමට ලිඛිත ව හෝ වාචික ව කරන ඉල්ලීම; ඇණවුම.

ඕඩර් කරනවා

ක්‍රි. නියෝගයක් දෙනවා; ඇණවුමක් කර දෙනවා.

ඕඩර්ලි

නා.ප්‍ර. පණිවුඩකාරයා සේවකයා; රෝහල් සේවකයා.

ඕඩ්

වි. අන්තිමට පිහිටි; කෙළවරට වැටෙන; අවම.

ඕඩිප්පන්න

නා. අඩුවැඩිය; වුවමනා දේ; අවශ්‍ය බඩුබාහිරාදිය.

ඕඩියා

1. (කථා.) නා. අන්තිමයා; තරගයකදී හෝ පරීක්ෂණයකදී හෝ අන්තිම හෝ පහත් ම තැන ලබන තැනැත්තා.

ඕඩුවාව

නා. හෝඩුවාව; ලකුණ.