සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 382

ඕඩෙ යනවා

ක්‍රි. වතුර ගලනවා වතුරට යට වෙනවා; වතුරට සේදී යනවා.

ඕතරණය

1. නා. බැසීම; ප්‍රවේශය
2. නා. අර්ථාවබෝධයකට එළඹීම.

ඕතලනවා

(කථා.) ක්‍රි. කෑගසනවා; හූ හඬ නඟනවා.

ඕතුරු

වි. දුර්වල; කෙට්ටු; වැහැරී ගිය.

ඕතෙර

නා. කුඩා ගඟක හෝ ඔයක ඉවුර; ඔය දෙපස බිම; ඔය අයින.

ඕදනය

නා. බත; ආහාරය; භෝජනය.

ඕදරික

වි. උදර පෝෂණය ගැන ම සිතන; කුස පුරවා ගැනීමට පමණක් බලන.

ඕදාත

නා.ප්‍ර. සුදු පාට; ධවල වර්ණය.

ඕදිය

1. (කථා.) නා. මළසිරුරකින් ගලන ඕජාව.
2. නා. දියාරුවට ගලන තෙලිජ්ජ.

ඕදිරිප්පු වෙනවා

(කථා.) ක්‍රි. එළිදරව් වෙනවා; ප්‍රකට වෙනවා; අනාවරණය වෙනවා.

ඕධිකලාපය

නා. පෘථිවියෙහි ආක්ටික් වෘත්තයට උතුරින් ද ඇන්ටාක්ටික් වෘත්තයට දකුණින් ද පිහිටි ශීත ගුණයෙන් යුත් කොටස; ශීත කලාපය.

ඕන

1. වි. උවමනා; අවශ්‍ය.
2. වි. යම්; යම්කිසි; මොනව හරි.

ඕනත

1. වි. පහතට නැමුණු; නැඹුරු වූ.
2. වි. යටහත් පහත්; නිවට; නියාලු.

ඕනමනය

නා. පහතට වැටීම හෝ එබී යෑම.

ඕන්දු මාන්දුව

(කථා.) නා. ශරීරයෙහි අප්‍රාණික ගතිය; අලසබව; හෝන්දුව.

ඕනාහය

නා. වැසීයෑම; බැඳීයෑම; වෙළීම.

ඕනෑ එපාකම්

නා.ප්‍ර. උවමනා; අවශ්‍යතා.

ඕනෑතරම්

ක්‍රි.වි. උවමනා පමණ; ඇති තරම් හොඳට ම; කාර්යයට පිරිමසන ප්‍රමාණයෙන්.

ඕනෑපදම්

ක්‍රි.වි. ඕනෑතරම්.

ඕනෑවට එපාවට

ක්‍රි.වි. නොසැලකිලිමත් ලෙස; ඕනෑකමක් නැතුවාක් මෙන්.

ඕපත්මග

නා. පොළොව යට ජලය බැස යන මාර්ගය.

ඕපදූප

නා. (අනුන්ගේ) වගතුග; ප්‍රලාප; කටකතා.

ඕපනයික

වි. (තම සිත්හි) ඉපදවිය යුතු; ස්ව සන්තානයට පමුණුවා ගැනීමට සුදුසු සතරමග, සතරඵල හා නිර්වාණය යන ධර්ම පිළිබඳ ව කියැවේ.

ඕපපාතික

වි. මවුකුස හටගැනීමක් නැති ව උපන්; කර්ම බලයෙන් සම්පූර්ණයෙන් වැඩුණු ශරීර ඇති ව ඉබේ පහළ වූ.