සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 379
ඔලොට්ටුව
නා. මුදල් පසුම්බිය.
ඔලොම්බනවා
1. ක්‍රි. එල්ලෙන්නට සලස්වනවා; ඇසුරු කරනවා; වැලඳ ගන්නවා.
2. ක්‍රි. අල්ලා ගන්නවා; වාරු කරනවා.
ඔලොම්බුව
නා. මැදීමට පිළියෙල කළ කිතුල්මල ආරක්ෂා වීම සඳහා කිතුල්පිත්ත උඩ ආධාරකයක් වශයෙන් කතිර හැඩේට බඳින ලී දෙක හෝ කරුව.
ඔලොඹනවා
1. ක්‍රි. දරනවා; උසුලනවා.
2. ක්‍රි. ඇද ගන්නවා; වසඟ කරනවා.
ඔලෝදිය
නා. කිතුල් මලින් වෑහෙන (පැණි ගතිය අඩු) තෙලිදිය.
ඔවදන්
නා.ප්‍ර. අවවාද; උපදෙස්; දැනුමැතිකම්.
ඔවනවා
ක්‍රි. හෙළා දකිනවා; පිරිහෙළා කථා කරනවා.
ඔවස්කිළිය
නා. වැසිකිළිය; අත්පස්ගෙය.
ඔවිදිනවා
ක්‍රි. පැහැය විනිවිද යනවා; පැහැය වදිනවා; පැහැයෙන් වසනවා.
ඔවිනවා
1. ක්‍රි. දමනවා; බහාලනවා; හෙළනවා; වක් කරනවා.
2. ක්‍රි. (බිම) වැතිරෙනවා; හාන්සි වෙනවා.
ඔවිල්ල
නා. ඔංචිල්ලාව; උංචිල්ලාව.
ඔවුසර
නා.ප්‍ර. ගැසූ ගල් කැටයක් වැටෙන තරම් දුර ප්‍රමාණය; සමීපය.
ඔස
නි. එසේ නම්; එහෙයින්; බල ආදි අර්ථවල යෙදේ.
ඔසද
1. නා.ප්‍ර. ඖෂධ.
2. නා.ප්‍ර. සුවඳ දෑ.
ඔසදවටුවා
1. නා. සුවඳ ද්‍රව්‍ය සාදන්නා.
2. නා. ඖෂධ නිෂ්පාදකයා.
3. නා. රසායන විද්‍යාඥයා.
ඔසප් වෙනවා
1. ක්‍රි. මාස් ශුද්ධිය සිදු වෙනවා; උතුනී වෙනවා.
2. ක්‍රි. වැඩිවිය පැමිණෙනවා; මල්වර වෙනවා.
ඔසරිය
1. නා. ඉණ රැළි දමා එක් උරයක් මතින් පොටක් පහතට වැටෙන සේ අඳින කාන්තා ඇඳුම; උඩරට සාරිය.
2. නා. කාන්තාවන් උඩුකය වසා පොරවන රෙද්ද; උතුරු සළුව.
ඔසවනවා
1. ක්‍රි. (ඉහළට) නඟනවා; උස්සනවා.
2. ක්‍රි. තමා වෙතට හරව ගන්නවා හෝ නමා ගන්නවා; පොලඹවා ගන්නවා.
3. ක්‍රි. උත්සාහ කරනවා; වෙහෙස ගන්නවා.
ඔසළ
1. වි. බැස ගත්තා වූ; අවතීර්ණ වූ.
2. වි. රැස් වූ; සමාගත වූ.
3. වි. ආශ්රිත; පිහිටි; සන්නිහිත.
ඔස්සේ
ක්‍රි.වි. (පාරක් හෝ ගඟක්) අනු ව; දිගේ.
ඔසුව
නා. බෙහෙත; ඖෂධය; බෙහෙත් ද්‍රව්‍යය.
ඔසොවුව
1. නා. එසවීම; ඉහළට නැංවීම.
2. නා. බරක් ඔසොවන උපකරණය; රථයක රෝද සවි කිරීමට මාරු කිරීමට හෝ රථයක් අලුත්වැඩියා කිරීමේ දී එය බිමින් උඩට එසවීමට උපයෝගී කරගන්නා උපකරණය; ජැක්කුව.
ඔහේ
1. (කථා.) සර්ව. ඔතැන; ඔය පෙනෙන තැන.
2. සර්ව. ඔබ; නුඹ.
නි. විස්මය; ප්‍රීතිය ඇඟවීමට යෙදේ.
ක්‍රි.වි. නිදහසේ.
ඔළ
වි. දැඩි; සැහැසි; චණ්ඩ; අවිනීත.