කපුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දේවාලවල හා තොවිල්වල යාතිකා කිරීම ආදි ආවතේව කරන්නා; දේව මෙහෙවර කන්නා; කපුරාළ.
2. නා. ආවාහ-විවාහ යෝජනා කිරීම වෘත්තිය වශයෙන් කරන තැනැත්තා.
3. නා. දැළි රැවුළු කපන්නා; කරනැවෑමියා; රජුන්, කුමරුන් ආදින්ගේ දැළිරැවුළු කපා නහවා ඇඳුම් ඇන්දවූ තැනැත්තා.
4. නා. දෙපක්ෂයක් අතර සම්බන්ධය ඇති කරන අතරමැදියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barber
2. n. broker
3. n. coiffeur
4. n. matchmaker